Home අද කථානායකගේ අධ්‍යාපන සුදුසුකම් ප්‍රශ්නය ගැන විපක්ෂ නායක නිහඬ ඇයි ? දෙන්නම එකම...

කථානායකගේ අධ්‍යාපන සුදුසුකම් ප්‍රශ්නය ගැන විපක්ෂ නායක නිහඬ ඇයි ? දෙන්නම එකම බෝට්ටුවෙද?

202
0

ව්‍යාජ අධ්‍යාපන තොරතුරු දක්වමින් ශ්‍රී ලංකාවේ උත්තරීතරම ආයතනය වන පාර්ලිමේන්තුවත්, ජනතාවත් බලවත් අපවාදයකටත් අවමානයකටත් පත්කළ බවට චෝදනා ලබා සිටින වත්මන් කතානායක අශෝක සපුමල් රන්වල ගේ ක්‍රියාකලාපය සම්බන්ධව විපක්ෂයේ ගුප්ත නිහැඩියාව සම්බන්ධව සමාජ මාධ්‍ය ඇතුළු දේශපාලන ක්‍රියාකාරීන්ගේ දෝෂාරෝපණය එල්ලවෙමින් තිබේ.

එහිදී ඔවුන් අවධාරණය කරන්නේ කතානායකවරයා සිය අධ්‍යාපන සුදුසුකම් පිළිබඳ අසත්‍ය තොරතුරු පාර්ලිමේන්තුවට ලබාදී ඇති බවට චෝදනා එල්ලවී තිබියදී, ඒ සම්බන්ධව කතානායකවරයා මෙන්ම ආණ්ඩුව නිහඬ ප්‍රතිපත්තියක සිටියත් විපක්ෂයට එසේ නිහඬව සිටීමේ කිසිඳු අයිතියක් නොමැති බවය.

මෙහිදී විපක්ෂයක් ලෙස ඒ සම්බන්ධයෙන් පාර්ලිමේන්තුවේ අවධානය යොමුකරනු ඇතැයි බලාපොරොත්තු වූවද සජිත් ප්‍රේමදාසගේ නායකත්වයෙන් යුතු විපක්ෂය ජනතාවගේ ඒ බලාපොරොත්තු බිඳදමා ඇති බවද ඔවුන් චෝදනා නගයි.

ශ්‍රී ලංකාවේ ජනතා පරමාධිපත්‍ය ලබා නීති සම්පාදනය කිරීමේ උත්තරීතර ආයතනය වන පාර්ලිමේන්තුවේ කතානායක වීමට අධ්‍යාපන සුදුසුකම් ලෙස උපාධි හෝ ආචාර්ය උපාධි අනවශ්‍ය නමුත් , නැති අධ්‍යාපන සුදුසුකම් දක්වා ජනතාවත් , ප්‍රජාතන්ත්‍රවාදයේ මුදුන් මල්කඩ වන පාර්ලිමේන්තුවත් නොමඟ යැවීම කොහෙත්ම සමාව දියහැකි හෝ මඟ හැරිය යුතු කාරණයක් නොවන බව මෙම පාර්ශ්වයන්ගේ ස්ථාවරය වී තිබේ.

එසේම ජාතික ජනබලවේගය පක්ෂය පසුගිය මහ මැතිවරණයේදී බලය ගත්තේ පාර්ලිමේන්තුව පිරිසිදු කරමු කියා බලය ගත්තේ දුෂිතයන් පළවාහැර බොරුකාරයන් සහ වංචාකාරයන්ගෙන් පාර්ලිමේන්තුව පුරවමු කියා නොවන බවද මේ පිරිස් පෙන්වා දෙයි.

ඒ අනුව කතානායකවරයාගේ මේ ප්‍රශ්නය ආණ්ඩුවේ සුජාතාභාවය බරපතළ ලෙස ප්‍රශ්න කෙරෙන තත්ත්වයක් ලෙස සැලකිල්ලට ගෙන වගකිව යුතු විපක්ෂයක් නම් කල යුතුව තිබෙන්නේ කතානායකවරයාට එරෙහිව එල්ලවී ඇති චෝදනා වල සත්‍ය අසත්‍ය භාවය තහවුරු කරන ලෙස ආණ්ඩුවට බලකිරීම ඇතුළු පාර්ලිමේන්තුව අභ්‍යන්තරයේ ඊට අදාළ උපරිම ක්‍රියාමාර්ග ගැනීම බවද ඔවුන් පවසයි.

මේ වන විටත් පාර්ශ්ව ගණනාවක් පාර්ලිමේන්තුවෙන් පරිභාහිරව කතානායකවරයා ප්‍රශ්න කර ඇති නමුත් විපක්ෂය ඒ සම්බන්ධව නිහඬව සිටීම ඇතැම් විට විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස ආණ්ඩුව සමඟ ඩීල් දැමීමක් විය හැකි බවද ඔවුන්ගේ ස්ථාවරය වී ඇත.

කෙසේ වුවත් සමාජ මාධ්‍ය තුළ ඇතැමුන් චෝදනා නඟන්නේ අධ්‍යාපන සුදුසුකම් පිළිබඳ ව්‍යාජ තොරතුරු ලබාදීම පදනම් කරගෙන කතානායකට ඉල්ලා අස්වීමට සිදුවුවහොත් විපක්ෂනායකටද ඉල්ලා අස්වීමට සිදුවනු ඇති බවයි.

ඒ සම්බන්ධව එක්සත් රාජධානියේ දේශපාලන රැකවරණ මත සිටින ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදී උවිඳු කුරුකුලසූරිය සිය සමාජ මාධ්‍ය ගිණුමේ තැබූ සටහනක් පහත දැක්වෙයි.

No description available.

Previous articleශ්‍රී ලංකාවට අමිහිරි පරාජයක් – ටෙස්ට් ලෝක කුසලාන සිහිනය බොඳවෙයි
Next articleවිශේෂඥ වෛද්‍ය අනිල් ජාසිංහ සෞඛ්‍ය අමාත්‍යාංශයේ ලේකම් ධුරයට

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here