Home අද ජනපතිට විදෙස් ගමන් තහනම්

ජනපතිට විදෙස් ගමන් තහනම්

21
0

දකුණු කොරියානු ජනාධිපති යුන් සොක් යොල්ට, කොරියානු බලධාරීන් විසින් විදෙස් ගමන් තහනමක් පනවා තිබෙන බව විදෙස් මාධ්‍ය වාර්තා කර තිබේ.

පසුගිය 03 වැනිදා කෙටිකාලීනව එරට යුධ නීතිය ප්‍රකාශ කිරීම සම්බන්ධයෙන් ඔහුව විමර්ශනයට ලක්වෙමින් පැවතීම හේතුවෙන් මෙම තහනම පනවා ඇතැයි සඳහන්.

එමෙන්ම, පසුගියදා ඔහුට එරෙහිව විරුද්ධ පක්ෂ 06ක් විසින් ව්‍යවස්ථා සභාවට ඉදිරිපත් කළ දෝෂාභියෝගය අසාර්ථක වු නමුත් තවමත් එරට පාර්ලිමේන්තුව ඉදිරිපිට ජනාධිපතිවරයා ඉවත් විය යුතු බවට පවසමින් ජනතාව විරෝධතාවල නිරත වන බව විදෙස් මාධ්‍ය වැඩිදුරටත් සඳහන් කර තිබේ.

Previous articleහඳුනානොගත් උණකින් දින 2කදී යාපනයේ 03ක් මරුට
Next articleසා/පෙළ අයදුම්පත් භාරගැනීම අදින් අවසන්

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here