Home අද මන්ත්‍රී අර්චුනා යාපනය රෝහලේ ඩෙඟා නටයි – පාලන අධිකාරියෙන් පොලිසියට පැමිණිලි

මන්ත්‍රී අර්චුනා යාපනය රෝහලේ ඩෙඟා නටයි – පාලන අධිකාරියෙන් පොලිසියට පැමිණිලි

81
0

යාපනය රෝහලට බලහත්කාරයෙන් ඇතුළු වී එහි වෛද්‍යවරුන්ට සහ කාර්ය මණ්ඩලයට බැන වැදී රෝහල් කටයුතුවලටට බාධා සිදුවන ආකාරයට හැසිරුණ බව කියන යාපනය දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී රාමනාදන් අර්ච්චුනා මහතාට එරෙහිව විමර්ශනයක් ආරම්භ කළ බව යාපනය පොලිසිය පවසයි.

රාමනාදන් මන්ත්‍රීවරයා යාපනය ශික්ෂණ රෝහලට ඇතුළු වී කලහකාරී ලෙස හැසිරීම සම්බන්ධව මන්ත්‍රීවරයාට එරෙහිව රෝහල් පාලන අධිකාරිය විසින් ඊයේ (09) යාපනය පොලිසියට කරන ලද පැමිණිල්ලකට අනුව මෙම විමර්ශන කටයුතු ආරම්භ කළ බව උසස් පොලිස් නිලධාරියෙක් පැවසීය.

මීට පෙර අවස්ථා කිහිපයකදීම මෙම මන්ත්‍රීවරයා මන්නාරම සහ චාවා කච්චේරි රෝහල්වලට ඇතුළු වී රෝහල් කටයුතුවලට බාධා වෙන ආකාරයට හැසිරෙන බවට පොලිසියට පැමිණිලි ලැබී තිබේ.

වෛද්‍යවරයකු වන මෙම පාර්ලිමේන්තු මන්ත්‍රීවරයා එම ධුරයේ බලතල අයුතු ලෙස පාවිච්චි කරමින් රෝහලේ කටයුතුවලට බාධා වෙන ආකාරයට හැසිරීම සම්බන්ධයෙන් ඔහුට එරෙහිව විධිමත් පරීක්‍ෂණයක් පවත්වා නීතිය නිසියාකාරව ක්‍රියාත්මක කරන ලෙස යාපනය රෝහලේ වෛද්‍යවරු පවසති

Previous articleපාර්ලිමේන්තුවට ඉදිරිපත් වූ අපේක්ෂකයින් 949ක් වියදම් වාර්තා දීලා නෑ !
Next articleනව ඩිජිටල් රියදුරු බලපත්‍රයක් සඳහා කැබිනට් අනුමැතිය

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here