Home අද පාර්ලිමේන්තුවට ඉදිරිපත් වූ අපේක්ෂකයින් 949ක් වියදම් වාර්තා දීලා නෑ !

පාර්ලිමේන්තුවට ඉදිරිපත් වූ අපේක්ෂකයින් 949ක් වියදම් වාර්තා දීලා නෑ !

61
0

පැවති පාර්ලිමේන්තු මැතිවරණය සඳහා ඉදිරිපත්වූ අපේක්ෂකයින් 949ක් සිය මැතිවරණ ප්‍රචාරණ ආදායම් වියදම් වාර්තා භාරදී නැති බව මැතිවරණ කොමිසම පවසයි .

මෙවර පාර්ලිමේන්තු මැතිවරණය සඳහා දේශපාලන පක්ෂ හා කණ්ඩායම් අපේක්ෂකයින් 8,361ක් තරග වැදී ඇතිනමුත් ඒ අතරින්, මැතිවරණ ප්‍රචාරණ ආදායම් වියදම් වාර්තා භාරදී තිබෙන්නේ දේශපාලන පක්ෂ හා කණ්ඩායම් අපේක්ෂකයින් 7,412 ක් පමණි .

පක්ෂ හා ස්වාධීන කණ්ඩායම් 690කින් ද ආදායම් වියදම් වාර්තා භාර දී ඇත්තේ, 493ක් බවත් , එසේම ජාතික ලැයිස්තුවෙන් නම් කරන ලද අපේක්ෂකයින් 527ගෙන්ද අදාළ වාර්තා ලබා දී ඇත්තේ, 434 ක් බවත් මැතිවරණ කොමිසම නිවේදනය කර ඇත .

කෙසේ වුවත් මීට පෙර මැතිවරණ කොමිසම නිවේදනය කර සිටියේ 2023 අංක 03 දරන මැතිවරණ වියදම් නියාමනය කිරීමේ පනත යටතේ පාර්ලිමේන්තු මැතිවරණයට ඉදිරිපත් වූ අපේක්ෂකයින්, ඔවුන් නියෝජනය කරන ලද පක්ෂවල ලේකම්වරු සහ ස්වාධීන කණ්ඩායම් නායකයින් පසුගිය 6 වන දා රාත්‍රී 12:00 හෝ ඊට ප්‍රථම සිය ආදායම් වියදම් වාර්තා භාර දිය යුතු බවයි.

Previous articleසා/පෙළ අයදුම්පත් භාරගැනීම අදින් අවසන්
Next articleමන්ත්‍රී අර්චුනා යාපනය රෝහලේ ඩෙඟා නටයි – පාලන අධිකාරියෙන් පොලිසියට පැමිණිලි

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here