Home අද හඳුනානොගත් උණකින් දින 2කදී යාපනයේ 03ක් මරුට

හඳුනානොගත් උණකින් දින 2කදී යාපනයේ 03ක් මරුට

69
0

හඳුනා නොගත් උණ රෝගයක් හේතුවෙන් යාපනය ප්‍රදේශයේ පුද්ගලයින් තුන්දෙනෙකු ගත වූ දින දෙක තුළ මියගොස් ඇති බව වෛද්‍යවරු පවසති.

උණ රෝගය වැළඳී යාපනය ශික්ෂණ රෝහලට ඇතුළත් කර ප්‍රතිකාර ලබමින් සිටි පුද්ගලයන් තිදෙනෙක් මෙලෙස හදිසියේ මියගොස් තිබේ.

මෙම රෝගී පුද්ගලයන් සඳහා නියමිත පරිදි ප්‍රතිකාර ලබා දී තිබූ බවත් එවැනි පසුබිමක් තුළ ඔවුන් මිය යෑමට බලපෑ හේතුව කුමක්ද යන්න අද (10)උදෑසන වන තෙක් නිශ්චිත වශයෙන් අනාවරණය කර ගැනීමට නොහැකි වූ බව වෛද්‍යවරු පෙන්වා දෙති.

මියගොස් සිටින පුද්ගලයන්ගේ ශරීර කොටස් කිහිපයක් වැඩිදුර පරීක්ෂණ සඳහා කොළඹට එවා ඇති බව අප කළ විමසුමකට පිළිතුරු දෙමින් යාපනය ශික්ෂණ රෝහලේ ප්‍රකාශකයෙක් පැවසීය.

උණ රෝගය වැළඳීම හේතුවෙන් මෙලෙස මියගොස් ඇත්තේ 42-32 සහ 28 යන වයස් කාණ්ඩවලට අයත් පුද්ගලයන් බවව එම ප්‍රකාශකයා වැඩිදුරටත් අනාවරණය කළේය.

Previous articleඋදයංග වීරතුංගට සහ කපිල චන්ද්‍රසේනට අමෙරිකාවෙන් සම්බාධක
Next articleජනපතිට විදෙස් ගමන් තහනම්

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here