Home අද දකුණු අප්‍රිකාව සහ ශ්‍රී ලංකාව අතර තීරණාත්මක තරඟයේ අවසන් දිනය අදයි

දකුණු අප්‍රිකාව සහ ශ්‍රී ලංකාව අතර තීරණාත්මක තරඟයේ අවසන් දිනය අදයි

421
0

සත්කාරක දකුණු අප්‍රිකාව සහ ශ්‍රී ලංකාව අතර පැවැත්වෙන දෙවන ටෙස්ට් තරගයේ දෙපිළටම තීරණාත්මක අවසන් දිනය අදයි.

ලකුණු 348ක ඉලක්කයක් හඹා යන ශ්‍රී ලංකාවට තරගයේ ජයග්‍රහණය සඳහා තවත් ලකුණු 143ක් අද දිනය තුළ ලබාගත යුතුව තිබෙන අතර ඒ සඳහා තවත් කඩුලු 05ක් ඉතිරිව තිබේ.

ගැබා හිදී පැවැත්වෙන මෙම තරගයේ සිව්වන දිනය වූ ඊයේ (08) දිනට තරගය නතර කරන විට දෙවන ඉනිම ක්‍රීඩා කරමින් සිටි ශ්‍රී ලංකාව කඩුලු 05ක් දැවී රැස්කරගෙන සිටි ලකුණු සංඛ්‍යාව 205ක්. නොදැවී කඩුල්ලේ රැඳී සිටි නායක ධනංජය ද සිල්වා සහ කුසල් මෙන්ඩිස් ලකුණු 39 බැඟින් රැස්කරගෙන සිටියහ.

මෙම තරගයේ පළමුව පන්දුවට පහරදුන් දකුණු අප්‍රිකාව සියලු දෙනා දැවී රැස් කළ ලකුණු 358ට පිළිතුරු ලෙස ශ්‍රී ලංකා කණ්ඩායම පළමු ඉනිමට සියලු දෙනා දැවී ලබාගත් ලකුණු සංඛ්‍යාව 328ක්. දකුණු අප්‍රිකාව දෙවැනි ඉනිමට සියලු දෙනා දැවී ලකුණු 317ක් රැස් කළ අතර, ඒ අනුව ශ්‍රී ලංකාවට ලකුණු 348ක ඉලක්කයක් හිමිව තිබේ.

Previous article74 වන සංවත්සරයට සමගාමීව නාවිකයන් 2,138 කට උසස්වීම්
Next articleරිලා අවුලෙන් ආණ්ඩුව බේරගන්න මාලිමා හිතවාදී පරිසරවේදීන් එයි !

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here