Home අද විදුලි සේවකයන්ට බෝනස් නෑ : රන්ජන්ට කලිසමත් නෑ : දැන් දෂ්ඨ කරයිද...

විදුලි සේවකයන්ට බෝනස් නෑ : රන්ජන්ට කලිසමත් නෑ : දැන් දෂ්ඨ කරයිද ?

350
0

විදුලිබල මණ්ඩලයේ සේවකයින්ට ප්‍රසාද දීමනාව ලබාදෙන ලෙස ඉල්ලා සිටියද, එවැනි ප්‍රසාද දීමනාවක් මේ අවස්ථාවේදී ලබා නොදීමට ලංකා විදුලිබල මණ්ඩලයේ අධ්‍යක්ෂ මණ්ඩලය තීරණය කර තිබේ.

මෙම වසරේ ලංකා විදුලිබල මණ්ඩලය විශාල ලාභයක් ලැබුවද, එම මුදල් ණය ආපසු ගෙවීම් සහ විදුලිබිල අඩු කිරීම සඳහා යොදවා ඇති බව එහි අධ්‍යක්ෂ මණ්ඩලය අවධාරණය කරයි.

විදුලි බල මණ්ඩලයේ පාලනාධිකාරිය මේ තීන්දුව අද (09) නිවේදනය කළ අතර ඒ ලංකා විදුලිබල මණ්ඩලය ලාභ ලබන තත්ත්වයකට පත්ව ඇති බැවින් දෙසැම්බර් 10 වැනිදාට පෙර සේවක ප්‍රසාද දීමනාව ලබාදීමට පියවර ගන්නා ලෙස ජාතික ජන බලවේගයට සම්බන්ධ ලංකා විදුලි සේවක සංගමය සිදුකළ දැනුම්දීම අවසන් වීමට පැය 24කටත් වඩා අඩු කාලයක් තිබියදීය .

පසුගියදා මාධ්‍ය හමුවක් පවත්වමින් ලංකා විදුලි සේවක සංගමයේ ප්‍රධාන ලේකම් රංජන් ජයලාල් මහතා කියා සිටියේ පසුගිය පාලනය යටතේ වසර දෙකක් විදුලිබල මණ්ඩලයේ සේවකයින්ට ප්‍රසාද දීමනාව නොලැබුණද, වර්තමානයේ තම වෘත්තීය සමිතිය නියෝජනය කරන ආණ්ඩුවක් බලයට පත්ව ඇති බැවින් ප්‍රසාද දීමනාව අනිවාර්යයෙන්ම සේවකයන්ට ලබාදිය යුතු බවය. එසේම විදුලි බල මණ්ඩලය මේ වන විට අධික ලාභයක් ලබන බවද ඔහු එහිදී සිහිපත් කළේය .

ලංකා විදුලිබල මණ්ඩලය මේ වසරේදී විශාල ලාභයක් ඉපයුවද ඉන් රුපියල් බිලියන 112ක්ම ඛනිජ තෙල් නීතිගත සංස්ථාව ඇතුළු ආයතන වෙත ණය ආපසු ගෙවීම් ලෙස වැයකර ඇති බවත් , තවද 2024 වසරේ විදුලිබල මණ්ඩලය ලැබූ ලාභයෙන් ඉතිරි වූ රුපියල් බිලියන 41ක් මේ වසරේ විදුලි ගාස්තු අඩු කිරීමට යෙදවූ බවද ලංකා විදුලිබල මණ්ඩලයේ අධ්‍යක්ෂ මණ්ඩලයේ අවධාරණය වී තිබේ .

එබැවින් පවත්නා තත්ත්වය මත ලංකා විදුලිබල මණ්ඩලයේ සේවකයින්ට ප්‍රසාද දීමනාවක් ලබාදිය නොහැකි බවට එහි අධ්‍යක්ෂ මණ්ඩලය තීරණය කර ඇති බව ලංකා විදුලිබල මණ්ඩලයේ මාධ්‍ය ප්‍රකාශක ධනුෂ්ක පරාක්‍රමසිංහ මහතා තහවුරු කළේය.

විදුලිබල මණ්ඩලයේ නව අධ්‍යක්ෂ මණ්ඩලයේ තීන්දුවත් සමඟ එය නියෝජනය කරන වෘත්තීය සමිති නායක රන්ජන් ජයලාල්ට සිය වෘත්තීය සගයන් හට මුහුණදීමට නොහැකි තත්ත්වයක් මතුව ඇති තත්ත්වයක් මතුව තිබෙන බවද වාර්තා වෙයි . ඒ ඔහු වත්මන් ආණ්ඩුව බලයට ගෙන ඒම වෙනුවෙන් පැවති පාලනයන් ජනතාව අතර අප්‍රසාදයට පත්කරන වෘත්තීය සටන් රැසක් මෙහෙයවමින් විශාල වැඩ කොටසක් සිදුකළ වෘත්තීය සමිති නායකයෙක් වූ නිසා පමණක් නොවේ . පසුගියදා පැවැත්වූ මාධ්‍ය හමුවේදීද රන්ජන් ජයලාල් දැක්වූ අදහස් ඊට බලපා ඇත .

එහිදී ඔහු පවසා සිටියේ වත්මන් ආණ්ඩුව “අපේ”බැවින් ඉදිරියට වෘත්තීය වරප්‍රසාද ඉල්ලා පාරට නොබසින බවයි . ඒ වෙනුවට තමන් විසින් අවශ්‍යතාව දැන්වූ විට අදාළ සේවක අයිතීන් ලබාදීමට ආණ්ඩුව කටයුතු කරනු ඇති බවද ඔහු පැවසීය . කෙසේ වුවත් තමන් සේවක අයිතීන් වෙනුවෙන් ලාභ ලබන විදුලි බල මණ්ඩලයෙන් ප්‍රසාද දීමනා ඉල්ලා සිහිකැඳවීමක් සිදුකළ බවත් ඔහු සඳහන් කළේය . එමෙන්ම ආණ්ඩුව “අපේ” නිසා විදුලි බල මණ්ඩලයද කටයුතු කල යුතුව තිබෙන්නේ ‘අපි” අවශ්‍ය ආකාරයට බවත් ඔහු අඟවා සිටි අතර නැතිනම් දෂ්ට කිරීමට සිදුවිය හැකි බවද අවධාරණය කළේය .

Previous articleසුරාබලපත් ගැන සීයාගෙන් නිවේදනයක් : සියල්ල නීත්‍යානුකූලයි : ආදායම බිලියන 3.1 යි ! (නිවේදනය සහිතයි )
Next articleරිලා මර්දන බලකායක් ?

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here