Home අද පලාගිය සිරියානු ජනපති රුසියාවේ

පලාගිය සිරියානු ජනපති රුසියාවේ

72
0

කැරලිකරුවන් විසින් සිරියානු රාජ්‍ය අල්ලා ගැනීමත් සමඟ සිරියාවෙන් පළාගිය හිටපු ජනාධිපති බෂාර් අල්-අසාඩ් මේ වනවිට රුසියාවේ මොස්කව් නගරයට ගොස් ඇති බව රුසියානු මාධ්‍ය සඳහන් කර තිබේ.

රුසියාව හිටපු ජනපතිවරයාට සහාය දුන් ප්‍රමුඛ පාර්ශ්වයක් වන අතර අසාඩ් ට සහ ඔහුගේ පවුලේ සාමාජිකයින් ට රුසියාවේ සරණාගතභාවය ලබාදෙන බව සිරියානු බලධාරීන් පවසයි.

Hayat Tahrir al-Sham නම් සංවිධානයට අයත් කැරලිකරුවන් නොවැම්බර් 27 වනදා අසාඩ් පාලනයට එරෙහිව ප්‍රහාර දියත් කළේය. ඉන්පසු දින කිහිපයක් තුළදී එරට ප්‍රධාන නගර සිය ග්‍රහණයට ගැනීමට කැරලිකරුවන් සමත්විය. ඔවුන් ඊයේ (08) ඩැමස්කස් නගරය ට ඇතුළු වුණු අතර පසුව වාර්තා වූයේ ජනාධිපති අසාඩ් ගුවන්යානයකින් එරටින් පළාගිය බවයි.

Previous articleවාහන ⁣ආනයනයට රජය කිසිදු නිල දැනුම්දීමක් සිදුකර නැහැ
Next article74 වන සංවත්සරයට සමගාමීව නාවිකයන් 2,138 කට උසස්වීම්

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here