Home අද රිලා මර්දන බලකායක් ?

රිලා මර්දන බලකායක් ?

168
0

කෘෂි හමුදාවක්, ගොවි හමුදාවක් නමින් ඒකකයක් ඇති කර ඔවුනට ගිනි අවි ලබා දී, ලැබෙන තොරතුරු අනුව වගාවට පැමිණෙන අලි ඇතුන්ට, රිලවුන්ට, මොනරුන්ට හා අනෙකුත් හානි කරන සතුන්ට වෙඩි තිබීමට කෘෂිකර්ම අමාත්‍යවරයා එම ගොවි හමුදාවට අණ කළ යුතු බව ගොවි සංගම් යෝජනා කරයි .

මාධ්‍ය හමුවකදී අදහස් දක්වමින් මහකනදරාව ඒකාබද්ධ ගොවි සංවිධානයේ හිටපු සභාපති, රණමයුර ගොවි සංවිධානයේ සභාපති සුභසිංහ රත්නායක මේ බව සඳහන් කරන අතර වගාවන් සඳහා හානිකරන සතුන් ඝාතනය කිරීමට ගැසට් පත්‍රයක් මඟින් නෛතික පැවරුමක් සිදුනොකළහොත් මෙහා වත්තේ එළ ගවයා එහා වත්තේ කුඹුරට ගියොත් එම සතාව ඝාතනය කර අනුභවයට ගැනීමේ තත්වයක් උදාවිය හැකි බවද සඳහන් කළේය .

වගා හානි කරන සතුන් සම්බන්ධයෙන් වගා භූමියේදී ගොවියා ගත යුතු ක්‍රියාමාර්ග යන්න චක්‍රලේඛයක් මගින් කෘෂිකර්ම ඇමැති කේ.ඩී. ලාල්කාන්ත දැනුම් දිය යුතු බවද ඔහු සඳහන් කළේය .

එහිදී වැඩිදුරටත් අදහස් දක්වමින් රණමයුර ගොවි සංවිධානයේ සභාපති සුභසිංහ රත්නායක මෙසේද සඳහන් කර තිබේ .

“කෘෂිකර්ම ඇමැතිවරයා කළ මෙම ප්‍රකාශයෙන් වගාවට පැමිණෙන සතුන් මරා දැමීමට කටයුතු කරන ලෙස කියා සිටියා. නමුත් ගොවියන් විදියට බෞද්ධාගමට අනුව එම සතුන් ඝාතනය කිරීමට අපිට බැහැ. අපේ වගාව හානි කළත් එම සත්තු මරලා දාන්න තරම් අපි දුර්වල නැහැ. අපි ඇමැතිවරයාට කියා සිටින්නේ සත්තු මරන්න ගොවියන්ට පවරන්න එපා කියලයි.

ඒ වෙනුවට, කෘෂි හමුදාවක්, ගොවි හමුදාවක් නමින් ඒකකයක් ඇති කර ඔවුනට ගිනි අවි ලබා දී, ලැබෙන තොරතුරු අනුව වගාවට පැමිණෙන අලි ඇතුන්ට, රිලවුන්ට, මොනරුන්ට හා අනෙකුත් හානි කරන සතුන්ට වෙඩි තිබීමට කෘෂිකර්ම අමාත්‍යවරයා එම ගොවි හමුදාවට අණ කළ යුතුයි. එහෙම නැති වුණොත් මම ඇති කරන එළ ගවයා එහා වත්තේ කුඹුරට ගියොත් මනුස්සයාට පුළුවන් ඒකා මරාගෙන මස් කන්න. ඒනිසා මෙම ප්‍රකාශය පිළිබඳව සවිස්තරාත්මක විස්තරයක් හා එය නීතිගත කර ගැසට් එකක් මගින් ප්‍රකාශයට පත් කරන ලෙස අපි ඉල්ලා සිටිනවා.”

Previous articleවිදුලි සේවකයන්ට බෝනස් නෑ : රන්ජන්ට කලිසමත් නෑ : දැන් දෂ්ඨ කරයිද ?
Next articleවිභාග රාජකාරි දීමනා කප්පාදුවක් : ගුරු සංගම් චෝදනාවක් !

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here