Home අද ඉදිරි අයවැයෙන් වැට් බදු පහළට !

ඉදිරි අයවැයෙන් වැට් බදු පහළට !

63
0

ඉදිරි අයවැයෙන් වැට් බද්ද අඩු කිරීමට රජය තීරණය කර තිබේ.

සතිඅග දේශය පුවත්පත වාර්තා කර ඇති ආකාරයට මේ සඳහා ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ අනුමැතියද ලැබී ඇතැයි විශ්වාස කටයුතු ආරංචි මාර්ග සඳහන් කර ඇත.

ඒ අනුව විශේෂයෙන් තෝරාගත් අත්‍යවශ්‍ය භාණ්ඩ සහ සේවා සඳහා වැඩි ප්‍රතිශතයකිනුත් සෙසු භාණ්ඩ හා සේවා සඳහා ඊට වඩා අඩු ප්‍රතිශතයකිනුත් වැට් බද්ද අඩු කිරීමට නියමිත බව සඳහන් වෙයි.

අනතුරුව වැට් බදු අනුපාත 3 ක් ක්‍රියාත්මක කෙරෙනු ඇතැයිද වාර්තා වෙයි. ඉදිරි අයවැය ලේඛනය ලබන පෙබරවාරි මස 17 දා ජනාධිපති අනුර කුමාර දිසානායක විසින් මැතිසබයට ඉදිරිපත් කිරීමට නියමිතය.

වැට් බද්ද අඩු කිරීමෙන් රජයට අහිමිවන ආදායම ප්‍රතිපූර්ණයට විකල්ප ආදායම් යෝජනා ගණනාවක්ද අයවැයෙහි ඇතුළත් බව වාර්තා වෙයි.

Previous articleවාහන ආනයනයේදී මුලින්ම ගෙන්වන්නේ ලොරි සහ බස් රථයි
Next articleජනාධිපති මැදිහත් වෙලා හාල් මෝල්ලුන්ට තවත් රුපියල් 10ක් වැඩිපුර අරගෙන දීලා !

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here