Home අද ඛනිජ තෙල් නිෂ්පාදනය මත බද්දේ ආදායම සැරටම ඉහළ ගිහින් : සීයගේ ආණ්ඩුවේ...

ඛනිජ තෙල් නිෂ්පාදනය මත බද්දේ ආදායම සැරටම ඉහළ ගිහින් : සීයගේ ආණ්ඩුවේ වැඩක් !

219
0

ඛනිජ තෙල් මත නිෂ්පාදන බද්දෙන් ලද ආදායම පසුගිය වසරේ පළමු මාස අටට සාපේක්ෂව මෙම වසරේ පළමු මාස අටේ දී රුපියල් බිලියන 139.3ක් ලෙස සියයට 137.4කින් කැපී පෙනෙන ලෙස වැඩි වී ඇත.

පාර්ලිමේන්තුවට ඉදිරිපත් කර ඇති පූර්ව මැතිවරණ අයවැය තත්ත්වය පිළිබඳ වාර්තාව විසින් මේ බව අනාවරණය කර ඇත.

ඊට අනුව 2024 පළමු කාර්තුවේ සිදුවූ ආර්ථික වර්ධනයත් සමඟ ඇතිවූ ඉල්ලුම ඉහළයෑම හේතුවෙන් ඛනිජ තෙල් මත වූ නිෂ්පාදන බද්දෙන් ලද ආදායම කැපී පෙනෙන ලෙස වැඩි වී ඇත.

2023 වසරේ මුල් මාස අටේ දී ඛනිජ තෙල් මත නිෂ්පාදන බද්දෙන් ලද ආදායම රුපියල් බිලියන 58.7ක් විය. ඒ අනුව ඉකුත් වර්ෂයේ මෙම කාලපරිච්ජේදයට සාපේක්ෂව මෙම වර්ෂයේ මුල්මාස අටේ දී ඛනිජ තෙල් මත නිෂ්පාදන බද්දෙන් ලද ආදායම රුපියල් බිලියන 80.6 කින් වැඩි වී තිබේ .

2023 වර්ෂයේ ජුනි මස 01 සිට ක්‍රියාත්මක වන පරිදි ඉන්ධන ලීටරයක් මත රුපියල් 25 ක නිෂ්පාදන බද්දක් පනවා තිබුණි. 2024 වර්ෂයේ ජනවාරි මස 01 වැනි දින සිට ඩීසල් ලීටරයක් මත පනවා තිබූ නිෂ්පාදන බද්ද රුපියල් 06කින් සහ පෙට්‍රල් ලීටරයක් මත පනවා තිබූ නිෂ්පාදන බද්ද රුපියල් 05කින් අඩු කරනු ලැබීය. ඒ අනුව ඉන්ධන සඳහා ඉල්ලුම වැඩි වී ඇත.

මේ හේතුවෙන් ඉන්ධන සඳහා වූ නිෂ්පාදන බද්දේ ශුද්ධ වැඩිවීම සිදුව තිබේ. එමෙන්ම ඉන්ධන කෝටා ක්‍රමය ඉවත්වීමත් සමග ආනයනය ප්‍රමාණය වැඩි වී ඇති බව ද එම වාර්තාවේ සඳහන් ය.

Previous articleපොරොන්දුවූ විදිහට විධායක ජනාධිපති ධූරය , PTA සහ online පනත අහෝසි කරන්න – නීතිඥ සාමුහිකය
Next articleපාරිභෝගික අධිකාරිය පොළොන්නරුව මෝල් චාරිකාවක : කිසිම නීති පියවරක් ගන්න බෑ !

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here