Home අද පාරිභෝගික අධිකාරිය පොළොන්නරුව මෝල් චාරිකාවක : කිසිම නීති පියවරක් ගන්න බෑ !

පාරිභෝගික අධිකාරිය පොළොන්නරුව මෝල් චාරිකාවක : කිසිම නීති පියවරක් ගන්න බෑ !

464
0

පොළොන්නරුව ප්‍රදේශයේ සහල් මෝල් අද( 08) විශේෂ පරීක්ෂණයකට ලක්කරන බව පාරිභෝගික කටයුතු අධිකාරිය නිවේදනය කර සිටියි.

මෙම පරීක්ෂණයේදී සහල් මෝල්වල දෛනික නිෂ්පාදනය, පවත්නා තොග ප්‍රමාණය මෙන්ම වෙළඳපොළට නිකුත් කරනු ලබන සහල් ප්‍රමාණය පිළිබඳ විස්තරාත්මක වාර්තාවක් සකස් කෙරෙන බවද පාරිභෝගික කටයුතු අධිකාරිය පවසයි .

ජනාධිපති අනුර කුමාර දිසානායක ගේ උපදෙස් පරිදි දිවයිනේ සියලු සහල් මෝල් පිළිබඳ තොරතුරු රැස් කිරීමේ කටයුතු ඉදිරියේදී ක්‍රියාත්මක කිරීමට නියමිත බවද අධිකාරිය වැඩිදුරටත් සඳහන් කළේය.

ජනාධිපතිවරයා ඊයේ (07) සහල් මෝල් හිමිකරුවන් සමඟ පැවැති සාකච්ඡාවේදී ප්‍රකාශ කර සිටියේ අද දින සිට සියලු සහල් මෝල් සඳහා පාරිභෝගික කටයුතු අධිකාරියේ නිලධාරීන් යොමු කරන බවයි.

කෙසේ වුවත් පාරිභෝගික සංගම් පවසන්නේ මහා පරිමාණ සහල් මෝල් සම්බන්ධයෙන් කිසිදු නීතිමය ක්‍රියාමාර්ගයක් ගැනීමට පාරිභෝගික කටයුතු අධිකාරියට බලයක් නොමැති බවයි.

සෑම වසරකම ඔවුන් වී වපුරන සමය වන විට වෙළෙඳ පොළ තුළ සහල් හිඟයක් ඇතිකර මිල ඉහළ නැංවීම හරහා අයුතු ලාභ උපයන බවත් ඊට ප්‍රතිචාර ලෙස ආණ්ඩුව සහල් ආනයනය කිරීමට කටයුතු කිරීම සමඟ සහල් මිල පහත හෙළන බවත් පෙන්වාදෙන ඔවුන් වී අස්වනු නෙලීම සිදුවන සමයේ පහළ ගොස් ඇති සහල් මිල පෙන්වා කුනු කොල්ලයට වී මිලදී ගැනීම සිදුවන බවද පවසයි.

මෙවර ඔවුන් මීට පෙර නොවූ ආකාරයේ බලයක් වෙළෙඳ පොළ තුළ මුදාහැරීමක් පෙන්නුම් කෙරෙන බවත් ඒ ආණ්ඩුවේ අසමත් බව නිසා යැයිද පාරිභෝගික සංගම් අවධාරණය කරයි.

සහල් මාෆියාව මට්ටු කිරීමට පොරොන්දු දී බලය ලැබූ වත්මන් ආණ්ඩුව සහල් සඳහා තිබූ පාලන මිල තවත් රුපියල් 10කින් ඉහළ නංවා පනින රිලවුන්ට ඉනිමං බැන්දා වැනි කටයුත්තක් සිදුකළ බවත් එයින් තවදුරටත් පීඩාවට පත්වූයේ පාරිභෝගිකයන් පමණක් බවත් එම සංගම් වැඩිදුරටත් සඳහන් කර සිටියි.

Previous articleඛනිජ තෙල් නිෂ්පාදනය මත බද්දේ ආදායම සැරටම ඉහළ ගිහින් : සීයගේ ආණ්ඩුවේ වැඩක් !
Next articleලාල් ගේ කතාව දුරදිග යයි : මණ්ඩලේ කචල් : ප්‍රසිද්ධ නිවේදනයක් එළියට !

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here