විධායක ජනාධිපති ක්‍රමය, ත්‍රස්තවාදය වැලැක්වීමේ පනත සහ අන්තර්ජාල ආරක්ෂණ පනත අහෝසි කිරීම කෙරෙහි අවධානය යොමු කරන ලෙස නීතීඥ සාමූහිකය රජයේ අවධානය යොමුකර ඇත.
නව කැබිනට් මණ්ඩලය ඇතුළු පාර්ලිමේන්තු නියෝජිතයන්ට සිය ස්ථාවරය පැහැදිලි කරමින් ප්‍රකාශයක් නිකුත් කරමින් නීතිඥ සාමුහිකය මේ දැනුම්දීම සිදුකර තිබේ.
එමඟින් වැඩිදුරටත් පෙන්වාදී තිබෙන්නේ ශ්‍රී ලංකාවේ නව අමාත්‍ය මණ්ඩලයට සහ 10 වැනි පාර්ලිමේන්තුවේ මන්ත්‍රීවරුන්ට මෑත මැතිවරණවලදී ජනතාව විසින් ලබා දුන් ව්‍යවස්ථාදායක ජනවරම මත මෙම කරුණු ක්‍රියාවට නංවන ලෙසයි.
මෙහිදී නීතීඥ සාමූහිකය විසින් අවධාරණය කරන ලද ප්‍රධාන ප්‍රතිසංස්කරණයක් වන්නේ විධායක ජනාධිපති ක්‍රමය අහෝසි කිරීමයි. එය ප්‍රජාතන්ත්‍රවාදයට, නීතියේ ආධිපත්‍යයට සහ අධිකරණය ඇතුළු රාජ්‍ය ආයතනවල ස්වාධීනත්වයට හානිකර බවද එහිදී පෙන්වාදී ඇත.
“සියලුම රාජ්‍ය ආයතනවල බලය අයුතු ලෙස භාවිතා කිරීම සහ හෑල්ලූවට ලක් කිරීම සහ ඒ සමඟ සිදු වූ දූෂණය දශක ගණනාවක් තිස්සේ පුරවැසියන් විසින් දැක ඇත, විශේෂයෙන් 2009-2024 කාලය තුළ මෙය පැහැදිලිව දැකගන්නට පුළුවන,” යැයි පෙන්වා දෙන නීතීඥ සාමූහිකය “විධායකය අහෝසි කිරීම සඳහා ව්‍යවස්ථාවක් සම්පාදනය කිරීමේ කාර්ය ජනාධිපති ධූරයට පත් වූ පළමු වසර තුළ මාස කිහිපයකින් අවසන් කළ හැකිය.’ යනුවෙන්ද දක්වා තිබේ.
එමෙන්ම රාජ්‍ය විශ්වවිද්‍යාල පද්ධතියේ ස්වාධිපත්‍යය බිඳ දැමීම සඳහා විධායක ජනාධිපති ක්‍රමයේ බලතල අනිසි ලෙස භාවිත කර ඇති බව සඳහන් කරන නීතිඥ සාමූහිකය රාජ්‍ය විශ්වවිද්‍යාල ස්වාධීන හා ශක්තිමත් කරන ප්‍රතිසංස්කරණ සලකා බලන ලෙස ව්‍යවස්ථාදායකයෙන් ඉල්ලා සිටියි. මේ ඇතුළු
නීතිඥ සාමූහිකයේ එම ලිපිය සඳහා ජනාධිපති නීතිඥ උපුල් ජයසූරිය, ජනාධිපති නීතිඥ ආචාර්ය ජයම්පති වික‍්‍රමරත්න, මහාචාර්ය සාවිත්‍රී ගුණසේකර, ජනාධිපති නීතිඥ ජෙෆ්රි අලගරත්නම්, ජනාධිපති නීතිඥ සාලිය පීරිස්, මහාචාර්ය දීපිකා උඩගම, මහාචාර්ය කමිනා ගුණරත්න, නීතිඥ නොයෙල් ඩයස් පියතුමා, නීතිඥ කේ ඩබ්ලිව් ජනරංජන, නීතිඥ ශ්‍රීනාත් පෙරේරා, නීතිඥ අර්මිසා ටීගල්, නීතිඥ දර්ශන කුරුප්පු අත්සන් තබා ඇත.