Home අද පුනරුදය වාන්දායි : ඖෂධවේදීන්ගේ සංගමයේ සභාපති අනිවාර්ය නිවාඩු යවයි : දුරකථනය CID...

පුනරුදය වාන්දායි : ඖෂධවේදීන්ගේ සංගමයේ සභාපති අනිවාර්ය නිවාඩු යවයි : දුරකථනය CID ය ගෙනියයි !

952
0

ඖෂධවේදීන්ගේ සංගමයේ සභාපති තුෂාර රණදේව වහාම ක්‍රියාත්මක වන පරිදි අනිවාර්ය නිවාඩු ගැන්වීමට ජාතික ඖෂධ නියාමන අධිකාරිය පියවර ගෙන ඇත.

මේ බව දැනුම්දෙමින් ඖෂධ නියාමන අධිකාරියේ සභාපති, විශේෂඥ වෛද්‍ය ආනන්ද විජේවික්‍රම ඔහුට ලිපියක් යොමුකර තිබේ .

අදාළ ලිපිය පහත දැක්වෙන අතර එහි සඳහන් වන ආකාරයට ඖෂධ නියාමන අධිකාරියේ රහස්‍ය තොරතුරු බාහිර සමාගම් වෙත ලබාදෙන බවට චෝදනා කරමින් එම අධිකාරියට සිදුකර ඇති පැමිණිල්ලකට අනුව ඖෂධවේදීන්ගේ සංගමයේ සභාපති, තුෂාර රණදේව මෙලෙස අනිවාර්ය නිවාඩු ගැන්වීමට
පියවර ගෙන ඇත.

එමෙන්ම අධිකාරියේ රහස්‍ය තොරතුරු බාහිර සමාගම්වලට ලබාදී ඇති බවට චෝදනා කරමින්, ඖෂධ නියාමන අධිකාරිය විසින් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට කරන ලද පැමිණිල්ලකට අනුව, ඖෂධවේදීන්ගේ සංගමයේ සභාපති තුෂාර රණදේව ගේ පෞද්ගලික ජංගම දුරකථනය ද අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව මගින් අත්අඩංගුවට ගෙන ඇත.

මීට ප්‍රතිචාර දක්වමින් සෞඛ්‍ය වෘත්තීයවේදීන්ගේ විද්වත් සංගමය පවසන්නේ ඖෂධ නියාමන අධිකාරියේ රහස්‍ය තොරතුරු බව පවසමින් දූෂණ වංචාවලට අදාළ තොරතුරු රහසිගතව පවත්වාගෙන යෑම සඳහා මෙලෙස වෘත්තිකයන් බිය වැද්දීම සහ නිලධාරීන් විසින් පරුෂ වචනයෙන් බැණ වැදීම තමන් හෙළාදකින බවයි.

එසේම ඖෂධ නියාමන අධිකාරියේ වත්මන් සභාපති සහ ප්‍රධාන විධායක නිලධාරී ආරක්ෂා කිරීමට කැපවූ රජයේ ඖෂධවේදීන්ගේ සංගමයේ සභාපතිවරයා මෙලෙස අනිවාර්ය නිවාඩු ගැන්වීම පිටුපස ජාවාරම්කාර තොරතුරු සඟවා ගැනීමේ උත්සාහයක් තිබෙන බවත් එම සංගමය චෝදනා කර තිබේ.

ඖෂධ නියාමන අධිකාරියේ හිටපු අධ්‍යක්ෂකවරයා සහ ප්‍රධාන විධායක නිලධාරීන්ව විවේචනය කරමින් එවකට තුෂාර රණදේවලා සමඟ එක පෙළට හිටගත් ආනන්ද විජය වික්‍රමලාට අද එම විවේචනය උහුලන්නට බැරි වී ඇත. එදා ඖෂධ නියාමන අධිකාරියේ විශේෂඥයකු වශයෙන් කටයුතු කරමින් සිටියදී නියාමන අධිකාරියට එරෙහිව ඔහු සිදු කරනු ලැබූ විවේචන පිළිබඳව හිටපු අධ්‍යක්ෂකවරුන් ආයතන සංග්‍රහය පාවිච්චි කර දඬුවම් කරන්නට ගියේ නැත.” යයි සෞඛ්‍ය වෘත්තීයවේදීන්ගේ විද්වත් සංගමයේ සභාපති රවී කුමුදේශ් පවසයි.

මේ සම්බන්ධයෙන් සෞඛ්‍ය වෘත්තීයවේදීන්ගේ විද්වත් සංගමයේ සභාපති රවී කුමුදේශ් නිකුත්කර ඇති මාධ්‍ය නිවේදනයේ වැඩිදුරටත් මෙසේ සඳහන් වෙයි.

No description available.

‘ඖෂධ නියාමන අධිකාරියේ ප්‍රධාන විධායක නිලධාරී සවින් සේමගේ මහතා විෂයෙන් එම ආයතනයේ සේවය කරනු ලබන ඖෂධවේදීන්ගේ සංගමයේ සභාපති තුෂාර රණ දේව මහතාට පරුෂ වචනයෙන් බැණ සේවයෙන් පහ කිරීමට කටයුතු කර ඇත.

ඖෂධවේදීන්ගේ සංගමයේ සභාපතිවරයා අනිවාර්යෙන් නිවාඩු යවන බවට ඖෂධ නියාමනාධිකාරියේ සභාපති ආනන්ද විජය වික්‍රම මහතා විසින් අදාල නියෝගය පෙරේදා දිනයේදී නිකුත් කර ඇත. මීට අමතරව ඖෂධ නියාමන අධිකාරිය රහස්‍ය තොරතුරු බාහිර සමාගම්වලට ලබා දෙන බවට චෝදනා කරමින් ඖෂධ නියාමනාදිකාරිය විසින් සිදු කරන ලද පැමිණිල්ලකට අනුව ඖෂධවේදීන්ගේ සංගමයේ සභාපති තුෂාර රණදේව මහතාගේ පෞද්ගලික ජංගම දුරකථනය, අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් අත්අඩංගුවට ගෙන ඇත.

ඉමියුනෝග්ලොබියුලින් නඩුකරයට අදාළව සාක්ෂි සපයමින් සිටිද ඖෂධ නියාමන අධිකාරියේ ප්‍රධාන විධායක නිලධාරියා ඇතුළු නිලධාරින්ට බාධා කරමින් නඩුව වෙන අතකට යොමු කිරීම සඳහා තුෂාර රණදේව මහතා විසින් විවිධ පාර්ශව වෙත තොරතුරු සපයන බවට එම පැමිණිල්ලේ වැඩිදුරටත් සඳහන් බව වාර්තාවේ. එනයින් ඖෂධ නියාමන ආධිකාරියේ රහස්‍ය තොරතුරු බාහිර පාර්ශ්වයන් වෙත ලබාදීම වැළැක්වීම සඳහා තුෂාර රණදේව මහතාව අනිවාර්ය නිවාඩු යැවූ බවත් ඔහු විසින් ලබා දී ඇති තොරතුරු පිළිබඳව හෙළිදරව් කර ගැනීම සඳහා ඔහුගේ ජංගම දුරකථනය පරීක්ෂාවට ලක් කරමින් තිබෙන බවත් වාර්තා වේ.

කෙසේ නමුත්, ඉමියුනෝග්ලොබියුලින් වංචාව යනුවෙන් නඩුකරයක් ඇතිවීමට සහ ඒ හරහා මේ රටේ අසාධාරණයට පත් වූ වහජනතාව බේරා ගැනීමට, වෘත්තීය සමිති ලෙස අප විසින් දිගින් දිගටම එළිදරව් කරනු ලැබූ තොරතුරු හේතු වූ බව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව මෙන්ම රටේ මහජනතාවද හොඳින් දන්නා කරුණකි. එම අධිකාරියේ බලය පතුරමින් සිටින විධායක නිලධාරීන් සහ සභාපතිවරුන්ගේ අණට කීකරු වෙමින් සෞඛ්‍ය වෘත්තීය සමිති වැඩකටයුතු කරනු ලැබුවේ නම් එවන් නඩුකරයක් කිසිසේත්ම ඇති නොවන අතර මේ වන විටත් හොර ඉමියුනෝග්ලොබියුලින් වලින් පමණක් නොව හොර ඖෂධ විශාල ප්‍රමාණයකින් ජනතාව පීඩාවට පත් වෙමින් තිබීම නොවැළැක්විය හැකිය.එබැවින් ඖෂධ නියාමන අධිකාරියේ රහස්‍ය තොරතුරු යැයි පවසමින් දූෂණ වංචාවලට අදාළ තොරතුරු රහසිගතව පවත්වාගෙන යාම සඳහා වෘත්තිකයන් බිය වැද්දීම සහ ඔවුන්ට පරුෂ වචනයෙන් බැණ වැදීමේ පරිපාලන ක්‍රමවේදය අප හෙළා දකිමු. ඖෂධ නියාමනාධිකාරියේ වර්තමාන සභාපතිවරයාව සහ ප්‍රධාන විධායක නිලධාරියා ආරක්ෂා කිරීම සඳහා විශාල උනන්දුවකින් කටයුතු කරන ලද රජයේ ඖෂධවේදීන්ගේ සංගමයේ සභාපති තුෂාර රණදේව මහතා එවැනි අයකු පවා මෙලෙස ඉවත්කිරීම මගින් ඖෂධ නියාමනාධිකාරියේ පාලනය අනවශ්‍ය ඒකාධිකාරී බවකට ලක් කරමින් ජාවාරම්කාර තොරතුරු සඟවා ගැනීමට බලපෑම් කරනු ලබන බව පෙනෙන්නට තිබේ. මේ හරහා ඕනෑම අකටයුත්තක් සඟවා ගැනීමටත්, එවන් අකටයුතුකම් වලට එරෙහිව කටයුතු කිරීමට උනන්දුවක් දක්වන වෘත්තිකයන් බියවද්දවමින් පත්කිරීමත් සිදුවිය හැකි අතර, එබඳීම් ඉදිරියේදී ඖෂධ නියාමන අධිකාරියේ වංචනික ක්‍රියාකිසිවක් හෙළිදරව් නොවන තත්ත්වයකට පත්කර ගැනීමටත් හැකි වන බැවින් මේ පිළිබඳව සෞඛ්‍ය ඇමතිවරයාගේ සහ ජනාධිපතිවරයාගේ කඩිනම් අවධානය යොමු විය යුතු බව අප අවධාරණය කරමු.

.රවී කුමුදේශ් සභාපති සෞඛ්‍ය වෘත්තීයවේදීන්ගේ විද්වත් සංගමය

Previous articleමෙන්ඩිස්ට සීල් තියයි !
Next articleIMF ගිවිසුමට විරුද්ධ වුනේ පැවති ආණ්ඩුවට ජනවරමක් තිබුනේ නැති නිසා – මාලිමා මන්ත්‍රිනී ලක්මාලී

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here