Home අද IMF ගිවිසුමට විරුද්ධ වුනේ පැවති ආණ්ඩුවට ජනවරමක් තිබුනේ නැති නිසා – මාලිමා...

IMF ගිවිසුමට විරුද්ධ වුනේ පැවති ආණ්ඩුවට ජනවරමක් තිබුනේ නැති නිසා – මාලිමා මන්ත්‍රිනී ලක්මාලී

200
0

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ පාලන සමයේ ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමග වූ වැඩපිළිවෙලට තම පක්ෂය විරුද්ධ වූයේ එවකට රනිල් වික්‍රමසිංහ මහතාට සහ පවතී රජයට ජනවරමක් නොතිබූ නිසා බව ජාතික ජන බලවේග පාර්ලිමේන්තු මන්ත්‍රීනී ලක්මාලී හේමචන්ද්‍ර මහත්මිය පවසනවා.

පාර්ලිමේන්තුවේ අදහස් දක්වමින් නීතිඥ ලක්මාලී හේමචන්ද්‍ර මහත්මිය මේ බව කියා සිටියා.

ජනවරමක් නැති ජනාධිපතිවරයකුට රට සම්බන්ධයෙන් එවන් ගිවිසුමකට එළඹීමෙන් අයිතියක් හැකියාවක් නැතිය යන පදනමේ සිට තම පක්‍ෂය එදා එම ගිවිසුම් වලට විරුද්ධ වෙද්දී එදා විපක්ෂයේ සිටි සියලු පක්ෂ එම ගිවිසුමට පක්ෂ එකඟතාව පළ කළ බවත් ඇය කියා සිටියා.

කෙසේ හෝ දැන් ආණ්ඩු පක්ෂය වන තම පක්ෂය අදාළ ගිවිසුම තවදුරටත් ඉදිරියට ගෙන යන්නේ රටක් ලෙස ඒ සඳහා නෛතික වශයෙන් බැඳී ඇති නිසා බවද ඇය පෙන්වා දෙනවා.

පසුගිය ආණ්ඩු විසින් කරන ලද වැරදි වත්මන් ආණ්ඩුවේ කරමත පැවරී ඇති බවත් ඒවායේ වගකීම දැරිමට සිදුව ඇති බවත් වැඩිදුරට අදහස් දක්වමින් ඇය කියා සිටියාය.

Previous articleපුනරුදය වාන්දායි : ඖෂධවේදීන්ගේ සංගමයේ සභාපති අනිවාර්ය නිවාඩු යවයි : දුරකථනය CID ය ගෙනියයි !
Next articleඅතුරු සම්මත ගිණුමෙන් වැඩිම මුදලක් බිමල්ගේ අමාත්‍යාංශයට

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here