සහනදායි මිලට සතොස ආයතනය හරහා සහල් හා පොල් ලබාදෙන බව පැවසුවද එම ශාඛාවන් බොහොමයක ප්‍රමාණවත් පරිදි සහල් පොල් නොමැති බවට පාරිභෝගික ජනතාව මැසිවිලි නගති.
වාර්තා වන ආකාරයට ඇතැම් සතොස ශාඛා වල වේලාසනම සහල්, පොල් තොග අවසන් වී ඇති අතර තවත් ප්‍රදේශයන්හි පෝලිම් ඇතිව තිබේ .
එමෙන්ම තවත් සතොස ශාඛා වල පොල් තෝරා ගැනීමට අවස්ථාව නොලැබෙන බවත් එහි සේවකයන් පොල් ගෙඩි තුන බැගින් බෑග් වලට තමා ඒවා මිලට ගැනීමට නියම කරන තත්ත්වයක් උද්ගතව ඇති බවත් වාර්තා වෙයි.
අඩු මිලට මෙම භාණ්ඩ ලබා ගැනීමට ජනතාවට පැමිණියත් ඒවායේ ප්‍රමාණවත් භාණ්ඩ සැපයුමක් නොමැති බව පවසන ජනතාව පවසන්නේ මේ තමන් කිසිසේත් අපේක්ෂා නොකළ තත්ත්වයක් බවයි.
කෙසේ වුවත් සතොස සභාපති සමිත පෙරේරා පවසන්නේ වරකට සහල් කිලෝ 5ක් සහ පොල් ගෙඩි 3 ක් සපයන්නේ අවශ්‍ය පිරිසට පමණක් ඒවා ලබාගැනීමට බවයි.
එසේ නොවුණහොත් වෙළෙඳුන් ඒවා ලබාගෙන වැඩි මිලට විකිණීමට ඉඩ ඇති බවද ඔහු පවසයි.