Home අද සති දෙකක් තුළ ක්‍රිෂ් ගොඩනැගිල්ලේ අනතුරුදායක කොටස් ඉවත් කිරීමට නියෝග

සති දෙකක් තුළ ක්‍රිෂ් ගොඩනැගිල්ලේ අනතුරුදායක කොටස් ඉවත් කිරීමට නියෝග

91
0

කොළඹ කොටුවේ ඉදිකිරීම් අතහැර දමා ඇති මහල් 60 යුත් The One Trans works ( ක්‍රිෂ්) ගොඩනැගිල්ල මහජන පීඩාවක් සිදු නොවන ලෙස කඩා වැටෙන අනතුරුදායක කොටස් සති දෙකක් තුළ ඉවත් කරන ලෙස කොටුව මහේස්ත්‍රාත් තනූජා ලක්මාලි මහත්මිය එම සමාගමේ අධයක්ෂ මණ්ඩලයට නියෝගයක් නිකුත් කර තිබේ.

මහේස්ත්‍රාත්වරිය කොන්දේසි සහිත ආඥාවක් නිකුත් කරමින් කියා සිටියේ, කිසිදු ද්‍රව්‍යයක් පහලට නොවැටෙන අයුරින් සහ මහජන ඵීඩාවක් නොවන අයුරින් එම ගොඩනැගිල්ල පවත්වාගෙන යා යුතු වන බවත් පහතට වැටෙන සහ වැටිය හැකි අබලි දිරා ගිය ද්‍රව්‍ය ඇත්නම් එම ද්‍රව්‍ය ඉවත් කරන ලෙසයි.

එහිදී එම සමාගම වෙනුවෙන් පෙනී සිටි නීතිඥ මඩුල්ල අධිකරණයට දන්වා සිටියේ දින 55තුළ එම කොටස් ඉවත් කරලීමේ වැඩපිළිවෙළක් සකස් කර ඇති බවයි. ඒ සම්බන්ධයෙන් පොලීසිය දැනුවත් කර ඇති බවත් පසුගිය 02 දා සිට 10 දක්වා මහාමාර්ගයේ ගමන් ගන්නා අයවලුන්ට අවම පීඩාවක් වන පරිදි රාත්‍රි කාලයේ එම කොටස් ගලවා ඉවත් කරන බවත් නීතිඥ මඩුල්ල කරුණු දක්වා තිබේ.

මෙම ගොඩනැගිල්ල අනාරක්ෂිත බවට කොටුව පොලීසිය අධිකරණයට කළ කරුණු දැක්වීමට අනුව නඩුව කැඳවූ අතර එහිදී ප්‍රශ්නගත එම සමාගමේ ගොඩනැගිල්ල හේතුවෙන් විශාල මහජන පීඩාවක් සිදු වන බවත් දින 55 වැනි කාලයක් මේ සදහා යොදා ගැනීම නුසුදුසු බැවින් අවම කාලයකින් එම කටයුතු අවසන් කිරීමට කටයුතු කරන ලෙස කොටුව පොලිස් ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක ලක්මාල් විජේරත්න අධිකරණයට දන්වා සිටියා.

මෙම කටයුතු අධීක්ෂණය සදහා රාජ්ය ඉංජිනේරු සංස්ථාවේ මැදිහත් වීම යොමු කරන ලෙස අධිකරණයෙන් සිදු කළ ඉල්ලීමටද අවසර ලැබී තිබේ.

පසුගිය ඔක්තෝම්බර් මස 06 වනදා එම ස්ථානයට ආසන්නයේ නවතා තිබූ මෝටර් රථයක් මතට එම ගොඩනැගිල්ලේ යකඩ කොටසක් කඩා වැටුණු බවත් පසුගිය 08 වනදා රාත්‍රිෙය්ද එහි තිබූ යකඩ කොටසක් කඩා වුටුණු බවත් හිල්ටන් හෝටලය වෙතටද කොටසක් කඩා වැටූණු බවත් එම අවස්ථාවේ කාර්යාල සේවකයින් මෙන්ම රථ වාහනද එම ස්ථානයෙන් ගමන් ගත් බවත් පොලීසිය බී වාර්තාවක් මගින් අධිකරණයට දන්වා තිබේ.

Previous articleලෝක ප්‍රකට ගායන ශිල්පි එල්ටන් ජෝන්ට පෙනීම අහිමි වෙයි
Next articleකෝපා කමිටුවේ සභාපති ධූරය විපක්ෂයට !

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here