Home අද කෝපා කමිටුවේ සභාපති ධූරය විපක්ෂයට !

කෝපා කමිටුවේ සභාපති ධූරය විපක්ෂයට !

63
0

රාජ්‍ය මුදල් කාරක සභාව හෙවත් කෝපා කමිටුවේ සභාපති ධූරය විපක්ෂයට ලබා දීමටත්, කෝප් කමිටුවේ සභාපති ධුරය ආණ්ඩු පක්ෂය යටතේ තබා ගැනීමටත් තීරණය කළ බව සභානායක අමාත්‍යය බිමල් රත්නායක මහතා පැවසීය.

පාර්ලිමේන්තු කටයුතු පිළිබඳව කාරක සභාව සම්බන්ධයෙන් අද (6) පාර්ලිමේන්තුවේ දී විපක්ෂය මතුකළ පැනයකට පිළිතුරු දෙමින් මේ බව සඳහන් කළ සභානායක බිමල් රත්නයක මහතා කෝප් කමිටුවේ සභාපති ධුරය ආණ්ඩුව යටතේ තබාගන්නේ පසුගිය ආණ්ඩුවේ ඇතැම් කටයුතු සම්බන්ධව පරීක්ෂණ සිදුකිරීම සඳහා බව අනාවරණය කළේය.

කෝප් කමිටුවේ සභාපති ධුරය විපක්ෂයට ලබා දීමට ක්‍රියා කළොත් පැවති ආණ්ඩුවේ සිටි ඇමතිවරයකුට එම ධූරය හිමි විය හැකි බවත් එලෙස වුවහොත් එය සදාචාරාත්මක කටයුත්තක් නොවන බවත් මේ නිසා එම ධූරය ආණ්ඩුව යටතේ තබා ගැනීමට තීරණය කළ බවත් රත්නායක මහතා සඳහන් කළේය.

මුදල් කාරක සභාව පත්කිරීම අද දි‍නය තුළ සිදුකරන බව අනාවරණය කළ සභානායකවරයා ආංශික කාරක සභාව පත්කිරීමට ජනවාරි 31 දක්වා කාලය ලබාගෙන තිබෙන බව සඳහන් කළේය.

Previous articleසති දෙකක් තුළ ක්‍රිෂ් ගොඩනැගිල්ලේ අනතුරුදායක කොටස් ඉවත් කිරීමට නියෝග
Next articleවිචිත්‍රත්වය නිර්මාණය වන්නේ විවිධත්වය මතයි – පාර්ලිමේන්තු ඉතිහාසයේ ඓතිහාසික කතාවක්

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here