Home අද විචිත්‍රත්වය නිර්මාණය වන්නේ විවිධත්වය මතයි – පාර්ලිමේන්තු ඉතිහාසයේ ඓතිහාසික කතාවක්

විචිත්‍රත්වය නිර්මාණය වන්නේ විවිධත්වය මතයි – පාර්ලිමේන්තු ඉතිහාසයේ ඓතිහාසික කතාවක්

159
0

මෙරට පාර්ලිමේන්තු ඉතිහාසයේ ඓතිහාසික සිදුවීමක් වාර්තා කරමින් පළමු වරට දෘෂ්‍යාබාධිත මන්ත්‍රීවරයෙකු පාර්ලිමේන්තු මැතිසබය ආමන්ත්‍රණය කිරීම අද(06) සිදුවිය.

ඒ ජාතික ජන බලවේගයේ ජාතික ලැයිස්තු මන්ත්‍රී සුගත් වසන්තද සිල්වා මහතා පාර්ලිමේන්තු මැතිසභය ආමන්ත්‍රණය කිරීමයි.

සිය මංගල කතාව සිදුකරමින් ඒ මහතා සඳහන් කර සිටියේ, ලබන අයවැයෙන් ආබාධිත ප්‍රජාවගේ දීමනාව 7,500 සිට 10,000 දක්වා අනිවාර්යයෙන්ම වැඩි කරන බවයි.

“මේ මගේ මංගල කතාවයි. එමෙන්ම මෙය ඓතිහාසික කතාවක්. ශ්‍රී ලංකා පාර්ලිමේන්තු ඉතිහාසයේ වසර 76 කට පසු ආබාධ සහිත පුද්ගලයකුට පාර්ලිමේන්තු වරම් හිමිවෙනවා. මෙය අහඹු ලෙස හෝ ඉහළින් පාත් වූ දෙයක් අනුව ලැබුණු වරමක් නොවේ. ඒ සඳහා වෙහෙසුණු කණ්ඩායමක් ඉන්නවා. ලක්ෂ දාහතකට අධික මගේ ආබාධ සහිත ප්‍රජාව වෙනුවෙන් ඒ කණ්ඩායමට ස්තුති කරන්න අවශ්‍යයි.

එම ප්‍රජාවට තීන්දු තීරණ ගැනීම සඳහා නියෝජනයක් අවශ්‍ය බවට තේරුම් ගත්තේ ජාතික ජන බලවේගය පමණයි. ආබාධ සහිත පුද්ගලයා යනු මේ ලෝකයට ලස්සන කැන්දාගෙන ආ දූත පිරිසක්. විචිත්‍රත්වය නිර්මාණය වන්නේ විවිධත්වය මතයි. ඔබ අතර ඇස් නොපෙනෙන මම නිසා මෙතන විවිධත්වයක් ඇතිවී තිබෙනවා. මානව සමාජයේ විචිත්‍රත්වය නිර්මාණය වී ඇත්තේ ඒ විචිත්‍රත්වය නිසයි. මේ ආබාධිත බව අප බලෙන් උරුම කරගත් දෙයක් නොවේ” යනුවෙන්ද සුගත් වසන්ත මහතා පැවසීය.

Previous articleකෝපා කමිටුවේ සභාපති ධූරය විපක්ෂයට !
Next articleරටම අනුරට : පෝලිම සතොසට : ඒත් බඩු තමයි නැත්තේ – පාරිභෝගිකයින්ගෙන් මැසිවිලි

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here