Home අද දේශපාලනඥයන් රැසකගේ ඥාතීන්ට හා හිතවතුන්ට දුන් මත්පැන් බලපත්‍ර ගැන එළිවෙයි

දේශපාලනඥයන් රැසකගේ ඥාතීන්ට හා හිතවතුන්ට දුන් මත්පැන් බලපත්‍ර ගැන එළිවෙයි

101
0

එක්සත් ජාතික පක්ෂයේ මහා ලේකම් පාලිත රංගේ බණ්ඩාර මහතාගේ පුතනුවන් වන යසෝද රන්ගේ බණ්ඩාර ඇතුළු දේශපාලනඥයන් රැසකගේ ඥාතීන්ට හා හිතවතුන්ට පසුගිය රජය යටතේ මත්පැන් බලපත්‍ර ලබා දී ඇති බවට තොරතුරු අනාවරණය වී තිබේ.

පසුගිය රජය 2024 ජනවාරි මස සිට නිකුත් කර ඇති මත්පැන් බලපත්‍ර සංඛ්‍යාව සහ ඒවා ලබා ගත් පුද්ගලයන්ගේ නාම ලේඛනය සභානායක බිමල් රත්නායක මහතා පසුගියදා සභාගත කරනු ලැබීය.

ඒ අනුව F.L 4 බලපත්‍ර 174 ක් නිකුත් කර තිබෙන අතර ඒවායෙන් බොහෝ සංඛ්‍යාවක් දේශපාලනඥයින් තම ඥාතීන්ගේ හා හිතමිතුරන්ගේ නම් වලට ලබාගෙන ඇති බව මේ වනවිට අනාවරණය වී තිබේ.

ඒ අනුව පුත්තලම දිස්ත්‍රික්කයට ලබා දී ඇති බලපත්‍ර හයක් අතුරෙන් රංගේ බණ්ඩාර මහතාගේ පුතණුවන්ට එක් බලපත්‍රයක් ලබා දී ඇත.

යාපනය දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී අංගජන් රාමනාදන් මහතාගේ ඥාතියකුට ද මත්පැන් බලපත්‍රයක් ලබා දී තිබේ.

ගාල්ල දිස්ත්‍රික්කයට ලැබී ඇති බලපත්‍ර අතුරින් හිටපු නියෝජ්‍ය අමාත්‍ය නිශාන්ත මුතුහෙට්ටිගම මහතාගේ බිරිඳ වන කෝකිලා නිල්මිණී මහත්මියට ද පසුගිය රජය විසින් මත්පැන් බලපත්‍රයක් නිකුත් කර ඇත.

පසුගිය රජය යටතේ මහනුවර දිස්ත්‍රික්කය සඳහා මත්පැන් බලපත්‍ර නමයක් නිකුත් කර ඇති අතර එයින් එක් බලපත්‍රයක් නාවලපිටිය නගර සභාවේ හිටපු නගරාධිපති අමල් ප්‍රියංකර මහතාගේ නමටද නිකුත් කර ඇත

මෙලෙස මත්පැන් බලපත්‍ර ලබාගෙන ඇති දේශපාලන ඥාතීන් හා හිතවතුන් පවසන්නේ මෙම මත්පැන් බලපත්‍ර තමන් නිත්‍යානුකූලව ලබාගෙන තිබෙන බවයි.

මාස හතක් අටක් වැනි කෙටි කාලයක් තුළ ඇතැම් දේශපාලනඥයින් ගේ මැදිහත්වීමෙන් හිතවතුන් සඳහා මත්පැන් බලපත්‍ර ලබා දී ඇත්තේ ඔවුන්ගෙන් මුදල් සහ විවිධ වරදාන හා වරප්‍රසාද ලබාගෙන බවට ආණ්ඩු පක්ෂයේ ඇතැම් මන්ත්‍රීවරු චෝදනා කරති.

Previous articleආසියාවේ ක්‍රිකට් සභාපති පුටුව ශම්මිට
Next articleසහල් හිඟය වසන්ත නිවයි : ඉහළ ගිය මිල එසේමයි!

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here