Home අද හරිනිට වැඩක් නැති නිසා සුපර්මාර්කට් ගියත් කම්කරුවන්ට පෝලිමේ ඉන්න වෙලාවක් නෑ –...

හරිනිට වැඩක් නැති නිසා සුපර්මාර්කට් ගියත් කම්කරුවන්ට පෝලිමේ ඉන්න වෙලාවක් නෑ – චාමර

67
0

අග්‍රාමාත්‍යවරියට වැඩක් නැති බැවින් සුපිරි වෙළෙඳසලකට ගොස් භාණ්ඩ මිලදී ගැනීමට හැකි වුවත් දිනකට පැය 12 ක් පමණ වැඩකරන කම්කරුවෙකුට භාණ්ඩ මිලදී ගැනීම වෙනුවෙන් සතොස පෝලිමේ සිටිය නොහැකි බව පාර්ලිමේන්තු මන්ත්‍රී චාමර සම්පත් දසනායක පැවසීය.

වසර 70ක් තිස්සේ පැවති පාලනයන්ට ලනු දුන් රාජ්‍ය නිලධාරීන් වත්මන් ජනාධිපතිවරයාගේ ද කනෙන් රිංගා ඇති බවද මන්ත්‍රීවරයා සඳහන් කළේය .

පාර්ලිමේන්තු මන්ත්‍රී චාමර සම්පත් දසනායක මේ බව සඳහන් කර සිටියේ අද (06) පාර්ලිමේන්තුව අමතමිනි.

තමන් ප්‍රාදේශීය සභා සභාපතිවරයකු ලෙස මෙන්ම පළාත් සභා මුදල් අමාත්‍යවරයා සහ මහ ඇමතිවරයකු වශයෙන් ප්‍රධාන ගණන්දීමේ වගකීම් දරා ඇති බවත් එහිදී රාජ්‍ය නිලධාරීන් අයවැය සකස් කරන ආකාරය ගැන අත්දැකීම් තිබෙන බවද මන්ත්‍රීවරයා පැවසීය .

ජනාධිපති ලේකම් කාර්යාලය ඇතුළු වගකිව යුතු නිලධාරීන් ජනාධිපති ගේ වැය ශීර්ෂය එවා තිබෙන්නේ පසුගිය වසරක අයවැය ශීර්ෂය මාස 4ක් සඳහා තුනෙන් බෙදීමෙන් බවත් ඒ සම්බන්ධයෙන් ඊයේ (05) කබීර් හෂීම් මන්ත්‍රීවරයා අනාවරණය කිරීමෙන් පසුව අද වන විට රටේම මාතෘකාව එයවී ඇති බවත් අවධාරණය කළේය.

එබැවින් වසර 70ක් තිස්සේ කල දේ කියමින් පැවති පාලනය වෙත දොස් නොකියන ලෙසද මන්ත්‍රීවරයා ඉල්ලා සිටියේය. රාජ්‍ය මූල්‍ය හැසිරවීමේ සිට පාලනය දක්වා දේශපාලනඥයින් ට පමණක් නොව රාජ්‍ය නිලධාරීන් ටද වගකීමක් පැවරෙන අතර වත්මන් පාලනය ඒ බව සිහිතබාගෙන රාජකාරි කළයුතු බවද චාමර සම්පත් මන්ත්‍රීවරයා පැවසීය .

Previous articleසහල් හිඟය වසන්ත නිවයි : ඉහළ ගිය මිල එසේමයි!
Next articleහිටපු රාජ්‍ය ඇමති ලොහාන් රත්වත්තේ අත්අඩංගුවට

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here