Home අද විශ්වාසභංගයෙන් පරාජය වූ අගමැති ඉල්ලා අස්වෙයි !

විශ්වාසභංගයෙන් පරාජය වූ අගමැති ඉල්ලා අස්වෙයි !

83
0

ප්‍රංශ පාර්ලිමේන්තුවට ගෙන ආ විශ්වාසභංග යෝජනාවෙන් පරාජයට පත්වීමත් සමග එරට අගමැති මයිකල් බාර්නියර් ජනාධිපති ඉමානුවෙල් මැක්රොන් එලීසේ මාළිගයේදී මුණගැසී සිය ඉල්ලා අස්වීම බාරදී ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කර තිබේ.

ඒ සමග නූතන ප්‍රංශ ඉතිහාසයේ අඩුම කලක් අග්‍රාමාත්‍ය ධුරය දැරූ පුද්ගලයා බවට මයිකල් බාර්නියර් පත්ව ඇත.

ප්‍රංශයේ අයවැය පරතරය අඩු කිරීමේ චේතනාවෙන් බොහෝ කප්පාදු සිදු කරමින් මෙන්ම බදු වැඩිකරමින් කිසිවෙකුගේ සහාය නොලැබෙන අයවැයක් පාර්ලිමේන්තුවට ගෙන ඒම හේතුවෙන් අගමැති මයිකල් බාර්නියර් ප්‍රමුඛ රජයට එරෙහිව ප්‍රංශ පාර්ලිමේන්තුවට විශ්වාසභංග යෝජනාවක් ඉදිරිපත් වූ අතර එයට පක්ෂව එරට සිටින නීති සම්පාදකයින් 577 දෙනාගෙන් 331 දෙනකු ඡන්දය භාවිත කර තිබේ.

විශ්වාසභංග යෝජනාවෙන් පරාජයට පත්වීමත් සමග අගමැති මයිකල් බාර්නියර් සිය ධුරයෙන් ඉල්ලා අස්ව තිබෙන අතර ජනාධිපති මැක්රොන් නව අග්‍රාමාත්‍යවරයකු පත් කරන තෙක් බාර්නියර්ට කැබිනට් මණ්ඩලය සහ රට ඉදිරියට ගෙන යාමේ කාර්ය පැවැරී තිබෙන බවද විදෙස් මාධ්‍ය වැඩිදුරටත් වාර්තා කර ඇත.

Previous articleව්‍යාජ අධ්‍යාපන සුදුසුකම් ඉදිරිපත් කරලා : කථානායක රන්වලට බරපතළ චෝදනාවක් !
Next article‘සිලෝන් ටී’ ප්‍රවර්ධනයට වැයකළ කෝටි 49 වතුරේ – විගණන වාර්තාවෙන් හෙළිවෙයි

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here