ප්‍රජාතන්ත්‍රවාදී පෙරමුණේ ජාතික ලැයිස්තු මන්ත්‍රී ධූරයට හිටපු අමාත්‍ය කංචන විජේසේකර මහතා පත් කිරීමට තීරණය කර ඇත.
කංචන විජේසේකර මහතාගේ නම හෙට (06) මැතිවරණ කොමිෂන් සභාව වෙත ලිඛිතව දැනුම්දීමට නියමිතය.
නව ප්‍රජාතන්ත්‍රවාදී පෙරමුණට මෙවර මහා මැතිවරණයේ ජාතික ලැයිස්තු මන්ත්‍රී ධූර දෙකක් හිමි වූ අතර ඉන් එකක් රවී කරුණානායක මහතා මුලින්ම ලබා ගත්තේය.
අනතුරුව සෙසු මන්ත්‍රී ධූරය සඳහා නම් ගණනාවක් ඉදිරි පත්වීම හේතුවෙන් ඒ සඳහා සුදුස්සකු තෝරාගැනීම නව ප්‍රජාතන්ත්‍රවාදී පෙරමුණ සහ ඊට අනුබද්ධිතත පක්ෂ අතර අර්බුදයක් බවට පත් වී තිබිණි.
මෙම ජාතික ලැයිස්තු මන්ත්‍රී ධූරය ගෑස් සිලින්ඩරයේ යටතේ ඉදිරිපත් වූ නව ප්‍රජාතන්ත්‍රවාදී පෙරමුණේ හවුල්කාර පක්ෂ දෙකක් වන ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණේ කණ්ඩායමට හෝ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයට හිමිවීමට නියමිතව තිබූ අතර ඒ තත්ත්වය මත සුදුස්සකු නම්කර තමා වෙත එවන ලෙස නව ප්‍රජාතන්ත්‍රවාදී පෙරමුණේ නායක හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පසුගිය දා එම පක්‍ෂ වෙත දැනුම් දෙනුලැබීය.
ඒ අනුව පොදු ජන පෙරමුණේ කණ්ඩායම කංචන විජේසේකර මහතාගේ නමත් ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ කණ්ඩායම ෆයිසර් මුස්තාපා මහතාගේ නමත් යෝජනා කර තිබිණි.
මෙම දෙදෙනා අතරින් කංචන විජේසේකර මහතා ජාතික ලැයිස්තුවෙන් පාර්ලිමේන්තුවට පත් කර යැවිය යුතු බවට සියලු දෙනාගේ එකඟත්වයෙන් අවසන් තීරණයකට පැමිණ ඇත.