පසුගිය වසර කිහිපය ඇතුළත මෙරට දරුවන් හැදීම අඩු වී ඇතැයි නියෝජ්‍ය ඇමති නලින් හේවගේ මහතා පවසනවා.
පාර්ලිමේන්තුවේදී අදහස් දක්වමින් ඒ මහතා මේ බව කියා සිටියා.
අලුතෙන් විවාහ වීමද අඩු වී ඇති බවත් විවාහ වුවත් දරුවන් සෑදීම අඩුකර ඇති බවද හෙතෙම චෝදනා කරයි.
ඊට හේතු වී ඇත්තේ පසුගිය දශක කිහිපය තිස්සේ මෙරට ගොඩනැගු ආර්ථික ක්‍රමවේදය බවද පැවසු ඔහු මහින්ද රාජපක්ෂලා රනිල් වික්‍රමසිංහලා, සජිත් ප්‍රේමදාසලා හැදූ ආර්ථිකය හේතුවෙන් අද රටේ දරුවන්ද අඩුවී ඇති බවද කියා සිටියේය.
මේ වනවිට රටේ සහල්, පොල් හිඟයක් ගැන කතිකාවක් ගොඩ නැගී තිබුනත් සැබවින්ම අඩුවී ඇත්තේ ළමයි බව නියෝජ්‍ය අමාත්‍යවරයා සඳහන් කළා