Home අද පසුගිය ආණ්ඩුව දුන්නා කියපු බාර් ලයිෂන් ලැයිස්තුව පාර්ලිමේන්තුවට !

පසුගිය ආණ්ඩුව දුන්නා කියපු බාර් ලයිෂන් ලැයිස්තුව පාර්ලිමේන්තුවට !

68
0

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ ගේ පසුගිය පාලන සමයේදී ජනාධිපති කාර්‍යාලයේ මැදිහත්වීමෙන් නිකුත් කළ මත්පැන් බලපත්‍ර පිළිබඳ ලේඛනයක් සභානායක අමාත්‍ය බිමල් රත්නායක විසින් අද (04) පාර්ලිමේන්තුවේදී සභාගත කළේය.

2024 ඔක්තෝබර් 22 වනදා ජනාධිපති ලේකම් නන්දික සනත් කුමානායක විසින් මුදල් අමාත්‍යාංශයෙන් සිදුකළ ලිඛිත ඉල්ලීමක් අනුව මෙකී ලේඛනය නිකුත්කර ඇති බවත් 2024 ජනවාරි මාසයේ සිට ලබාදුන් බලපත්‍ර පිළිබඳව තොරතුරු එහි ඇතුළත්ව තිබෙන බවත් එහිදී අමාත්‍යවරයා සඳහන් කළේය.

දිවයිනේ පළාත් 9 සඳහා මත්පැන් බලපත්‍ර 361ක් නිකුත්කර ඇති බව පැවසූ අමාත්‍යවරයා , ඒ, බස්නාහිර පළාත සඳහා 110ක්, දකුණු පළාත සඳහා 48ක්, උතුරු පළාත සඳහා 32ක්, නැගෙනහිර පළාත සඳහා 22ක්, මධ්‍යම පළාත සඳහා 45ක්, උතුරු මැද පළාත සඳහා 14ක්, වයඹ පළාත සඳහා 30ක්, ඌව පළාත සඳහා 30ක්, සබරගමුව පළාත සඳහා 30ක් වශයෙන් බවද පැවසීය.

ඊට අමතරව දේශපාලන සහාය ලබාගැනීමට වයින් ස්ටෝර්ස් බලපත්‍ර 172ක් නිකුත්කර ඇති බවටද අමාත්‍යවරයා චෝදනා නැගීය.

කෙසේ වුවත් අදාළ බලපත්‍ර ලේඛනයේ දේශපාලනඥයින් සිටින බවට මාධ්‍ය වාර්තා රැසක් පළවී තිබුණද අමාත්‍යවරයා එකී නම් සඳහන් නොකළ අතර ලේඛනය සභාගත කිරීම පමණක් සිදුකළේ ය

Previous articleජනපති සහ ITAK මන්ත්‍රීවරුන් අතර හමුවක් !
Next articleසිලින්ඩරයේ ඉතිරි ජාතික ලැයිස්තු මන්ත්‍රීධුරය කංචනට – නම හෙට මැතිවරණ කොමිසමට

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here