වයස අවුරුදු 19න් පහළ ආසියානු කුසලාන ක්රිකට් තරගාවලියේ මෙතෙක් සියලු තරග ජයගත් පළමු කණ්ඩායම බවට පත්වීමට ශ්රී ලංකාව සමත් වී තිබේ. ඒ, බංග්ලාදේශය සමග පැවති තරගයෙන් ලකුණු 07ක තියුණු ජයක් වාර්තා කිරීමත් සමගයි.
තරගයේ ප්රථමයෙන් පන්දුවට පහර දුන් ශ්රී ලංකා කණ්ඩායම පන්දුවාර 49යි පන්දු දෙකක් අවසානයේ සියලු දෙනා දැවී ලකුණු 228ක් රැස් කිරීමට සමත් විය. විශිෂ්ට පිති හරඹයක නිරත වූ, විමත් බිම්සර ලකුණු 106 ක් ලබා ගත්තේය.
පිළිතුරු ඉනිම ක්රීඩා කළ බංග්ලාදේශ කණ්ඩායමට පන්දුවාර 49යි පන්දු තුනක් අවසානයේ සියලු දෙනා දැවී රැස් කරගත හැකි වූයේ ලකුණු 221ක් පමණි.
මෙම තරග ජයත් සමඟ වයස අවුරුදු 19න් පහළ ආසියානු කුසලාන ක්රිකට් තරඟාවලියේ බී කාණ්ඩයේ පෙරමුණ ගැනීමට ශ්රී ලංකා පිළ සමත් වී තිබෙන අතර ඒ, සහභාගී වූ තරග තුනම ජය ගනිමිනි. ඒ අනුව ශ්රී ලංකා කණ්ඩායමට තරගාවලියේ අවසන් පූර්ව වටයටද සුදුසුකම් ලබා ගැනීමටද සමත්ව තිබේ.