මාලිමාවේ මන්ත්‍රීවරුන් පාර්ලිමේන්තුවෙන් උදෑසන සහ දිවා ආහාරය පමණක් නොව හැකි නම් රෑට බත් මුලක් ඔතාගෙන යන තත්ත්වයට පත්ව ඇති බව පාර්ලිමේන්තු මන්ත්‍රී දයාසිරි ජයසේකර පවසයි.
මීට පෙරද ජනතා විමුක්ති පෙරමුණෙන් මන්ත්‍රීවරුන් 39ක් පත් වූ අවස්ථාවේ ද මෙවැනිම තත්ත්වයක් ඇති වූ බවත් මන්ත්‍රීවරයා සඳහන් කරයි.
පාර්ලිමේන්තු මන්ත්‍රී දයාසිරි ජයසේකර මේ බව සඳහන් කර සිටියේ ඊයේ (03) පාර්ලිමේන්තු කටයුතු අවසාන කර ආපසු යන අතරවාරයේ මාධ්‍ය වෙත අදහස් දක්වමිනි.
ජාතික ජන බලවේග ආණ්ඩුව යටතේ පාර්ලිමේන්තුවේ වරප්‍රසාද අඩු වෙනු ඇතැයි බලාපොරොත්තු වූ බවද මන්ත්‍රීවරයා එහිදී පැවසීය .
කෙසේ වුවත් තමන් පසුගිය සමයේ පාර්ලිමේන්තු භෝජනාගාරයෙන් ඇතැම් දිනවල පමණක් දිවා ආහාර ගත් බවත් උදෑසන ආහාරය කිසිදා නොගත් බවත් ඔහු වැඩිදුරටත් සඳහන් කළේය.