Home අද නඩත්තුවට වැඩි වියදම් යන වාහන රජයේ ආයතන වලින් ඉවතට

නඩත්තුවට වැඩි වියදම් යන වාහන රජයේ ආයතන වලින් ඉවතට

61
0

රාජ්‍ය ආයතන අධික වැයබරක් දරා නඩත්තු කරන අධි සුඛෝපභෝගී වාහන එම ආයතනවල භාවිතයෙන් ඉවත් කිරීමට කැබිනට් මණ්ඩලයේ අනුමැතිය ලැබී ඇත.

මේ අනුව සියලු රාජ්‍ය ආයතනවල තිබෙන අධි සුඛෝපභෝගී වාහන සම්බන්ධව සංගණනයක් සිදුකර එම වාහන මෙලෙස ඉවත් කිරීමට නියමිතය.

රේගු සංකේතාංක 87.03 යටතට ගැනෙන පෙට්‍රල් එන්ජින් ධාරිතාවය 1800 වැඩි වාහන සහ ඩීසල් එන්ජින් ධාරිතාවය 2300 ට වැඩි වාහන (ඩබල් කැබ්, සිංගල් කැබ්, වෑන් රථ, බස් රථ හැර) අනෙකුත් වාහන නියමිත ප්‍රසම්පාදන ක්‍රියාවලියට අනුව 2025.03.01.දිනට පෙර ඉවත් කිරීමට සැලසුම් කර ඇත.

රාජ්‍ය ආයතන භාවිතා කරන ඇතැම් සුඛෝපභෝගී වාහන නඩත්තු කිරීමට සහ ඉන්ධන සඳහා අධික පිරිවැයක් දැරීමට සිදුවීම හේතුවෙන් එම වාහන අපහරණය කළ යුතු බවට වන යෝජනාව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා විසින් කැබිනට් මණ්ඩලයට ඉදිරිපත් කරනු ලැබීය.

Previous articleහෙට පාර්ලිමේන්තුව රෑත් වැඩ
Next articleපාලන බලපත්‍ර නැතුවම සහල් ආනයනයට අවස්ථාව !

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here