Home අද දේශබන්දු ගේ දේපොළ හඳුනාගැනීම හා ලැයිස්තුගත කිරීම ඇරඹේ

දේශබන්දු ගේ දේපොළ හඳුනාගැනීම හා ලැයිස්තුගත කිරීම ඇරඹේ

59
0

පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් මහතා සතු දේපොළ හඳුනා ගැනීම හා ඒවා ලැයිස්තුගත කිරීම අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව මඟින් මේ වන විට ආරම්භ කර ඇත.

මේ සඳහා පොලිස් කණ්ඩායම් කිහිපයක් යොදවා ඇති බව උසස් පොලිස් නිලධාරියෙක් පැවසීය.

දේශබන්දු තෙන්නකෝන් අත්අඩංගුවට ගැනීම සඳහා මේ වන විට පොලිස් කණ්ඩායම් දහයක් යොදවා රට පුරා පුළුල් ඒකාබද්ධ මෙහෙයුමක් දියත් කර තිබෙන බව එම පොලිස් නිලධාරියා වැඩිදුරටත් සඳහන් කළේය.

බුද්ධි අංශ සහයෝගය ඇතිව වැඩ බලන පොලිස්පතිවරයාගේ සෘජු අධීක්ෂණය යටතේ මෙම මෙහෙයුම දියත් කර තිබේ.

Previous articleරනිල්ගේ අස්වැද්දීම සාර්ථකයි : 2024 දී 5%ක ආර්ථික වර්ධනයක් !
Next articleසෞඛ්‍ය සම්පන්න අඩු වියදම් මත්පැන් කියා දෙයක් තිබේද? වෛද්‍ය සභාව ප්‍රශ්න කරයි !

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here