දකුණු හා මධ්‍යම ආසියානු කටයුතු පිළිබඳ කාර්යාංශයේ එක්සත් ජනපද සහකාර රාජ්‍ය ලේකම් ඩොනල්ඩ් ලූ අද (03) සිට ලබන 10 වනදා දක්වා ඉන්දියාව, ශ්‍රී ලංකාව සහ නේපායේ සංචාරය කිරීමට නියමිතව තිබෙන බව වාර්තා වේ.
ඒ, අනුව සහකාර රාජ්‍ය ලේකම්වරයා ලබන 05 වනදා ශ්‍රී ලංකාවට පැමිණීම නියමත බව ඇමරිකා එක්සත් ජනපද රාජ්‍ය දෙපාර්තමේන්තුවේ මාධ්‍ය ප්‍රකාශකවරයා උපුටා දක්වමින් විදෙස් වාර්තා සඳහන් කර තිබේ.
කලාපීය සමෘද්ධිය සහ ආරක්ෂාව ප්‍රවර්ධනය කිරීම වෙනුවෙන් දකුණු ආසියාවේ ප්‍රධාන හවුල්කරුවන් සමඟ සහයෝගීතාව ශක්තිමත් කිරීම මෙම සංචාරයේ ප්‍රධාන අරමුණ වී තිබෙන බවද සඳහන් වේ.