Home අද ආප්ප බානවා වගේ හිටපු ජනාධිපතිලගේ බලතල කපන්න බෑ – නලින් හේවගේ

ආප්ප බානවා වගේ හිටපු ජනාධිපතිලගේ බලතල කපන්න බෑ – නලින් හේවගේ

206
0

හිටපු ජනාධිපති වරප්‍රසාද ඉවත් කිරීමට ව්‍යවස්ථා සංශෝධනයක් කළ යුතු බවත් එය දවසින් දෙකෙන් ආප්ප බානවා මෙන් කළ නොහැකි බව වෘත්තීය අධ්‍යාපන නියෝජ්‍ය අමාත්‍ය නලින් හේවගේ පවසනවා.

මේ වනවිට පාලකයන්ගේ බොහෝ වරප්‍රසාද කප්පාදු කරමින් පවතින බවත් ඇතැම් බලතල ව්‍යවස්ථාව මගින් සම්මතකරගෙන ඇති බැවින් ඒවා වෙනස් කිරීමට ව්‍යවස්ථා සංශෝධනයක් කලයුතු බවද මාධ්‍යට අදහස් දක්වමින් නියෝජ්‍ය අමාත්‍යවරයා කියා සිටියා.

විපක්ෂය තරම් බොරු ගජබින්න ඇද බෑ පක්ෂයක් තවත් නැතැයි නලින් හේවගේ මහතා එහිදී කියා සිටියා.

තම ජාතික ලැයිස්තු මන්ත්‍රී ධුර පවා පත් කරගත නොහැකි බෙලහීන විපක්ෂය ඉතාම කුඩා කාරණාවක් පදනම් කරගෙන යම් යම් දුර්මත සමාජගත කිරීමට උත්සාහ කරන බවත් ඔහු සදහන් කරයි.

Previous articleපාර්ලිමේන්තුව අද රැස්වෙයි – ආණ්ඩුවේ ප්‍රතිපත්ති ප්‍රකාශය ගැන විවාදය අද සහ හෙට
Next articleනිහාල් තල්දූව ඉවතට – නව පොලිස් මාධ්‍ය ප්‍රකාශක කේ. බී. මනතුංග

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here