Home අද පාර්ලිමේන්තුව අද රැස්වෙයි – ආණ්ඩුවේ ප්‍රතිපත්ති ප්‍රකාශය ගැන විවාදය අද සහ හෙට

පාර්ලිමේන්තුව අද රැස්වෙයි – ආණ්ඩුවේ ප්‍රතිපත්ති ප්‍රකාශය ගැන විවාදය අද සහ හෙට

24
0

දස වන පාර්ලිමේන්තුවේ පළමු රැස්වීම කතානායක ආචාර්ය සපුමල් රන්වල මහතාගේ ප්‍රධානත්වයෙන් අද (03) පෙරවරු 9.30ට රැස්වේ.

ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා විසින් පසුගිය මස 21 වෙනි දින පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළ ආණ්ඩුවේ ප්‍රතිපත්ති ප්‍රකාශය සම්බන්ධ විවාදය අද සහ හෙට පැවැත්වෙන අතර ඒ පිළිබඳව ඡන්ද විමසීම හතරවෙනිදා සවස සිදු කිරීමට නියමිතව ඇත.

අද සිට ලබන හයවෙනිදා තෙක් පාර්ලිමේන්තුව අඛණ්ඩව රැස්වන අතර පස්වෙනිදා රජයේ අතුරු සම්මත ගිණුමට අදාළ යෝජනා ඉදිරිපත් කිරීමට නියමිතය.

එමෙන්ම පාර්ලිමේන්තු තේරීම් කාරක සභාව අද සවස තුනට රැස්වීමට නියමිත බව පාර්ලිමේන්තු ලේකම් කාර්යාලයේ නිලධාරියෙක් පැවසීය.

Previous articleසීනි බදු වංචාව ගැන අහන්න හිටපු ඇමැතිබන්දුල CIDයට
Next articleආප්ප බානවා වගේ හිටපු ජනාධිපතිලගේ බලතල කපන්න බෑ – නලින් හේවගේ

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here