Home අද අද ගෑස් මිලෙන්වත් සහනයක් ලැබෙයිද? : ජනතා බලාපොරොත්තු දැක්වෙයි!

අද ගෑස් මිලෙන්වත් සහනයක් ලැබෙයිද? : ජනතා බලාපොරොත්තු දැක්වෙයි!

71
0

මෙම වසරට අදාල අවසන් ගෑස් මිල සංශෝධනය අද (01) සිදුකිරීමට නියමිතය.

අවසන් වරට මෙරට ගෑස් වෙළෙඳපොළෙහි මිල සංශෝධනයක් සිදුවූයේ පසුගිය ඔක්තෝම්බර් මාසයේ වන අතර පසුගිය නොවැම්බර් මාසයේදී කිසිඳු මිල සංශෝධනයක් සිදුවූයේ නැත.

ඒ අනුව කිලෝග්‍රෑම් 12.5 ගෑස් සිලින්ඩරයේ මිල මෙතෙක් රුපියල් 3690.00 ක් වශයෙන් පවතී.

කෙසේ වුවත් පසුගිය සමයේ වෙළෙද පොළ තුළ ගෑස් හිඟයක් ඇතිව තිබූ අතර ඒ මෙරට ප්‍රධාන ගෑස් සැපයුම්කාර සමාගමක් වන ලාෆ් ගෑස් ආශ්‍රිතව ය.

පසුගිය සතිය අවසන් වනතුරුද ප්‍රමාණවත් පරිදි ගෑස් වෙළෙද පොළ වෙත යොමුකිරීමට එම සමාගම අසමත් වූ බව දක්වමින් ආණ්ඩුව පවා ඊට අවවාදාත්මක විවේචන එල්ලකර තිබිණ.

ඊට ප්‍රතිචාර දක්වමින් අදාල සමාගම පවසා සිටියේ අනපේක්ෂිත ගංවතුර ආපදාව සහ නෞකා ප්‍රමාදය හේතුවෙන් සැපයුමෙහි කිසියම් අඩුවක් සිදුවූ නමුත් මේ වන විට තත්ත්වය යහපත් තැනට ගෙනෙමින් ඇති බවයි.

මේ අතර වෙළෙඳපොළ විශ්ලේෂකයන් පෙන්වාදී තිබුණේ පසුගිය මාසයේ ගෑස් මිල ඉහළ දැමීමේ අවශ්‍යතාවක් ඇතිව තිබූ නමුත් රජය පාර්ශ්වයෙන් ඊට අනුමැතියක් නොලැබුණ බවයි.

වත්මන් ආණ්ඩුව බලයට පැමිණීමට පෙර විදුලිය, ඉන්ධන ගාස්තු අඩුකර ජනතාවට කඩිනමින් සහන දෙන බවට පොරොන්දු දුන්නත්, ඒ කිසිවකට අදාලව දැනෙන මිල සහනයක් දීමට අසමත්ව තිබේ. එසේ කඩවුණ පොරොන්දු හමුවේ වුවද ගෑස් මිලෙහි දැනෙන මිල අඩුකිරීමක් සිදුවෙතැයි පාරිභෝගික ජනතාව දෑස් දල්වා බලාසිටින බව රහසක් නොවේ.

Previous articleජනපති වෙනුවෙන් පැවැත්වූ පාපන්දු තරඟයෙන් 100 ක් මරුට (වීඩියෝ)
Next articleඅධ්‍යාපන අමාත්‍යාංශය ඉදිරිපිට විරෝධතාවය උණුසුම් වෙයි – පිරිසක් අත්අඩංගුවට

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here