Home අද දඬුවම් නියම වූ ජනපති පුත්‍රයාට ජනාධිපති සමාව

දඬුවම් නියම වූ ජනපති පුත්‍රයාට ජනාධිපති සමාව

83
0

වත්මන් අමෙරිකානු ජනාධිපති ජෝ බයිඩ්න්ගේ පුත් හන්ටර් බයිඩ්න්ට, ජනපති බයිඩ්න් විසින් සමාව ප්‍රධානය කළ බව ජනාධිපති ජෝ බයිඩන් ඊයේ (01) නිවේදනය කර තිබෙන බව විදෙස් මාධ්‍ය වාර්තා කර තිබේ.
එළඹෙන ජනවාරියේ ජනාධිපති ජෝ බයිඩන්ගේ ධුර කාලය අවසන් වන අතර මේ අවස්ථාවේදී මෙවන් තීරණයක් ගැනීම විදෙස් මාධ්‍ය තුල දැඩි කතාබහකට ලක්ව තිබේ.

ෆෙඩරල් බදු සහ තුවක්කු වැරදි සම්බන්ධයෙන් දඬුවම් නියම නියම වී සිටින හන්ටර් බිඩෙන්ට ජනාධිපති සමාව ලබාදෙමින් ජනපති ජෝ බයිඩ්න් සඳහන් කර ඇත්තේ, තම පුතාට ජනාධිපති සමාව ලබාදීම වෙනුවෙන් තමා අත්සන් කළ බවත්, විධායක සමාව දීමේ පිටපතකට අනුව එය පූර්ණ සහ කොන්දේසි විරහිත සමාවක් බවයි.

2024 මැතිවරණයෙන් ට්‍රම්ප් ජයග්‍රහණය කිරීමෙන් පසුව වත්මන් ජනාධිපතිවරයා හෝ ඔහුගේ ඉහළ ධවල මන්දිර ප්‍රකාශකයා හන්ටර් බයිඩන්ට සමාව නොදෙන බවත් ඔහුගේ දඬුවම ලිහිල් නොකරන බවත් ප්‍රකාශ කර තිබුණි.

කෙසේ වෙතත් මෙම නිල සමාවදීම නව ජනාධිපති ලෙස තේරී පත් වූ ඩොනල්ඩ් ට්‍රම්ප්ට අවලංගු කළ නොහැකි එකක් බවද සඳහන්. තම පුතාට සමාවදීම, ජෝ බයිඩන් 2024 ජනාධිපති තරඟයෙන් ඉවත් වීමට පෙර සහ පසුව නැවත නැවතත් කළ ප්‍රසිද්ධ පොරොන්දුව පැහැර හැරීමක් බව ද විදෙස් මාධ්‍ය වැඩිදුරටත් සඳහන් කර තිබේ

Previous articleසටන් විරාමය උල්ලංඝණය කරමින් ගාසා තීරයට ඊශ්‍රායල ප්‍රහාර – 47 ක් මරුට
Next articleවිභාගය නැවත තියන්න එපා, සිසුන්ට නිදහස් ලකුණු ලබාදෙන්න – කැබිනට් මණ්ඩල නිර්දේශය නීතිපති ශ්‍රේෂ්ඨාධිකරණයට දැනුම් දෙයි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here