Home අද ජනපති සුළු හා මධ්‍ය පරිමාණ මෝල් හිමියන් හමුවෙයි !

ජනපති සුළු හා මධ්‍ය පරිමාණ මෝල් හිමියන් හමුවෙයි !

215
0

ජනාධිපති අනුර කුමාර දිසානායක සහ සුළු හා මධ්‍ය පරිමාණ සහල් මෝල් හිමියන් අතර සාකච්ඡාවක් අද (02) ජනාධිපති කාර්යාලයේ දී පවත්වා තිබේ.

මේ සම්බන්ධයෙන් ජනාධිපති මාධ්‍ය අංශය නිකුත්කළ නිවේදනයේ දැක්වෙන්නේ ඉදිරි මාසවලදී සහල් හිඟයකින් තොරව, සාධාරණ මිලට හා අඛණ්ඩව පාරිභෝගික ජනතාවට ලබා දීමේ අවශ්‍යතාව ජනාධිපතිවරයා මෙහිදී සුළු හා මධ්‍ය පරිමාණ සහල් මෝල් හිමියන් වෙත පෙන්වා දුන් අතර ඒ සඳහා ගත යුතු කඩිනම් පියවර පිළිබඳවද ඔවුන් සමඟ සාකච්ඡා කළ බවය.

සහල් හිඟයකින් තොරව ජනතාව වෙත ලබා දීම වෙනුවෙන් රට තුළ ගබඩා පහසුකම් වැඩි කිරීම සඳහා ගත යුතු පියවර පිළිබඳවද එහිදී සාකච්ඡා කළ බවත් නිවේදනයේ සඳහන් අතර එම නිවේදනයේ වැඩිදුරටත් මෙසේද සඳහන් වෙයි.

නාඩු සහල්, අගය එකතු කළ නිෂ්පාදන සඳහා යොදා ගැනීම නිසා පරිභෝජනය සඳහා අවශ්‍ය තොග අඩු වීම පිළිබඳවද අවධානය යොමු විය.

පොහොර සහනාධාරය ඵලදායී ලෙස ජාතික නිෂ්පාදනය සඳහා එකතු කිරීම අරමුණු කර ගනිමින් QR කේත ක්‍රමයක් හඳුන්වා දීමටද මෙහිදී ජනාධිපති අනුර කුමාර දිසානායක අවධානය යොමු කළේය

Previous articleමැතිඇමති, හිටපු ජනාධිපති වරප්‍රසාද නැවත සලකා බැලීම සඳහා වූ කමිටු වාර්තාව ජනපතිට (PHOTOS)
Next articleගුරු රැකියා ඉල්ලූ සංවර්ධන නිලධාරීන් 4ක් රිමාන්ඩ්

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here