Home අද වැඩ බැරි කයියන්ට පාලනය බාරදීමේ විපාකය ජනතාව භුක්ති විඳිමින් සිටිනවා !

වැඩ බැරි කයියන්ට පාලනය බාරදීමේ විපාකය ජනතාව භුක්ති විඳිමින් සිටිනවා !

249
0

වැඩ බැරි කයිවාරුකාරයන්ට රාජ්‍ය පාලනය බාරදීමෙන් සිදුව ඇති විපාකය මේ වන විට ජනතාව භුක්ති විඳිමින් සිටින බවත්, විපක්ෂයේ සිට ජනතාව වෙත ලබාදුන් පොරොන්දු කිසිවක් ඉටුනොකර ජනාධිපතිවරයා ප්‍රමුඛ ආණ්ඩුව කිසිත් නොදැනෙන කෝමා තත්ත්වයකින් මෙන් හැසිරෙන බවත් පාර්ලිමේන්තු මන්ත්‍රී චමින්ද විජේසිරි චෝදනා කරයි.

වත්මන් පාලකයින් විපක්ෂයේ සිටි සමයේ ලබාදුන් පොරොන්දු වර්තමානයෙහි සිහිපත් කරන විට, “අපි එහෙම කියලා නෑ, කොහෙද කියලා තියෙන්නේ , අපිට මතක නෑ” කියමින් කෙඳිරි ගාන තැනකට පත්ව ඇති බවද මන්ත්‍රීවරයා පවසයි.

පාර්ලිමේන්තු මන්ත්‍රී චමින්ද විජේසිරි මේ බව සඳහන් කර සිටියේ මාධ්‍ය හමුවකදී අදහස් දක්වමිනි.

වත්මන් ජනාධිපතිවරයා, ඇතුලු පිරිස විපක්ෂයේ සිටින විට, ඉන්ධන මිල සහනය ජනතාවට දීමට නොහැකිව ඇත්තේ, ඒ මත පනවා ඇති බදු සහ ඇමතිවරයා ලබාගන්නා කොමිස් නිසා බවත්, තම පාලනයක් යටතේ එම බදු සහ කොමිස් ඉවත්කර ඉන්ධන සහන මිලකට දෙන බවට දිවුරා සපථ වූ බවත් විජේසිරි මන්ත්‍රීවරයා මෙහිදි සිහිපත් කළේය.

නමුත් ආණ්ඩුව 92 පෙට්‍රල් ලීටරය සොච්චම් රුපියල් 2කින් අඩුකර , භූමිතෙල් රුපියල් 5කින් ඉහල නංවා තිබෙන බව පෙන්වාදුන් මන්ත්‍රීවරයා මේ වන විට තුන්වේල කෑමට නොහැකි ජනතාව තවත් පීඩාවට පත්ව සිටින බවද සඳහන් කළේය.

Previous articleපළාත් පාලන මැතිවරණය ලබන ජනවාරි මාසයේ පැවැත්වීමට සූදානම් – මැතිවරණ කොමිෂන් සභාව
Next articleසටන් විරාමය උල්ලංඝණය කරමින් ගාසා තීරයට ඊශ්‍රායල ප්‍රහාර – 47 ක් මරුට

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here