ඊශ්‍රාලය විසින් ගාසා තීරයේ අල් – මාවාසි ප්‍රදේශයට එල්ල කරන ලද ප්‍රහාරයකින් පුද්ගලයින් 47 දෙනෙකු මියගොස්, තවත් පුද්ගලයින් 108 දෙනෙකු තුවාල ලබා තිබෙන බවත්, ඒ අතර කුඩා ළමුන්ද සිටින බව විදෙස් මාධ්‍ය වාර්තා කර තිබේ.
ගාසා තීරයෙහි යුධ ගැටුම් ආරම්භ වූ දා සිට මේ දක්වා ඊශ්‍රායල ප්‍රහාරවලින් පුද්ගලයන් 3,961 ක් මියගොස්, 16,520 ක් තුවාල ලබා තිබේ. ඊශ්‍රායලය සහ හිස්බුල්ලා සංවිධානය අතර සටන් විරාමයක් ප්‍රකාශයට පත් කර තිබුණ ද ඊශ්‍රායලය විසින් එය උල්ලංඝනය කරමින් ප්‍රහාර දිගටම එල්ල කරන බව හමාස් සටන්කාමීන් චෝදනා කර සිටී.
මේ අතර මේ සම්බන්ධයෙන් නව ගිවිසුමකට එළඹිම සදහා හමාස් දූත පිරිසක් කයිරෝ නුවර වෙත පැමිණ සිටින බවද විදෙස් මාධ්‍ය වැඩිදුරටත් වාර්තා කර තිබේ.