Home අද මාලිමා මන්ත්‍රීවරුන්ට නිල වාහනයක් වෙනුවට පෞද්ගලික වාහනයට ඉන්ධන කෝටාවක්?

මාලිමා මන්ත්‍රීවරුන්ට නිල වාහනයක් වෙනුවට පෞද්ගලික වාහනයට ඉන්ධන කෝටාවක්?

72
0

ආණ්ඩු පක්ෂයේ මන්ත්‍රීවරුන්ට නිල වාහනයක් ලබා දෙනවා වෙනුවට ඔවුන්ගේ වාහන සඳහා ඉන්ධන කෝටාවක් ලබාදීම කෙරෙහි රජයේ අවධානය යොමු කර ඇත.

ආණ්ඩු පක්ෂයේ මන්ත්‍රීවරුන්ට නිල වාහනයක් ලබාදීම ජාතික ජන බලවේගයේ ප්‍රතිපත්තිවලට විරුද්ධ බැවින් මෙම තීරණයට එළඹ ඇති බව විශ්වාස කටයුතු ආරංචි මාර්ග තහවුරු කරයි.

නමුත් රජයේ ඇමතිවරුන්ට හා නියෝජ්‍යා මැතිවරුන්ට අමාත්‍යාංශවල රාජකාරී කටයුතු සඳහා ඔවුන්ට නිල වාහනයක් ලබා දෙනු ඇති බව ආරංචි මාර්ග සඳහන් කරයි .

තමන්ට ග්‍රාමීය ප්‍රදේශවලට ගොස් මහජන සේවාවන්වල නිරතවීමට සිදුව තිබෙන බැවින් ඒ සඳහා සරිලන වාහනයක් ලබාදෙන ලෙස ආණ්ඩු පක්ෂයේ මන්ත්‍රී කණ්ඩායමක් රජයෙන් ඉල්ලා ඇති බව ඉහත ආරංචිි මාර්ග වැඩිදුරටත් අනාවරණය කළේය.

Previous articleසියලු මන්ත්‍රීවරුන්ගේ විශ්‍රාම වැටුප අහෝසි කරන යෝජනාවක් කඩිනමින් එයි
Next articleඅවතැන් පවුල් වලට දෙන්න ගෙනා සහනාධාර වන අලි විනාශ කරලා

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here