Home අද විභාගය නැවත තියන්න එපා, සිසුන්ට නිදහස් ලකුණු ලබාදෙන්න – කැබිනට් මණ්ඩල නිර්දේශය...

විභාගය නැවත තියන්න එපා, සිසුන්ට නිදහස් ලකුණු ලබාදෙන්න – කැබිනට් මණ්ඩල නිර්දේශය නීතිපති ශ්‍රේෂ්ඨාධිකරණයට දැනුම් දෙයි.

73
0

පසුගියදා අවසන් වූ පහ වසර ශිෂ්‍යත්ව විභාගයේ පළමු ප්‍රශ්න පත්‍රයේ කලින් පිටවූ ප්‍රශ්න තුන සඳහා එම විභාගයට ඉදිරිපත් වූ සියලු සිසු සිසුවියන්ට නිදහස් ලකුණු ලබාදීමට අමාත්‍ය මණ්ඩලය නිර්දේශ කර ඇතැයි නීතිපතිවරයා අද (02) ශ්‍රේෂ්ඨාධිකරණයට දැනුම් දී තිබේ.

විභාගය යළි පැවැත්වීමෙන් සිසු සිසුවියන් පීඩාවට පත්වීමට හැකි බැවින් එම විභාගය යළි පැවැත්වීම නුසුදුසු බව අමාත්‍ය මණ්ඩලය විසින් නිර්දේශ කර තිබෙන බවත් සොලිසිටර් ජෙනරාල් විරාජ් දයාරත්න මහතා ශ්‍රේෂ්ඨාධිකරණයට දැනුම් දී ඇත.

ශිෂ්‍යත්ව විභාගය පැවති ආකාරය අභියෝගයට ලක් කරමින් ගොනුකර තිබෙන මූලික අයිතිවාසිකම් පෙත්සම් අද යළි කැඳවූ අවස්ථාවේදී මෙම දැනුම්දීම සිදුකෙරුණ අතර මෙම පෙත්සම් පූර්ණ ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඩුල්ලක් ඉදිරියේ විභාගයට ගන්නා ලෙස ඉල්ලා නීතිපතිවරයා විසින් මෝසමක් ගොනුකර තිබෙන බවත් සොලිසිටර් ජෙනරාල්වරයා දන්වා සිටියේය.

ඒ අනුව පෙත්සම් විභාගය දෙසැම්බර් මස 11 වනදා පැවැත්වීමට නියෝග කොට තිබේ.

Previous articleදඬුවම් නියම වූ ජනපති පුත්‍රයාට ජනාධිපති සමාව
Next articleලොහාන් සහ බිරිඳ යළිත් රක්ෂිත බන්ධනාගාරයට

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here