ගිනියාවේ දෙවන විශාලතම නගරය වන ඇන්සරිකෝ හි පැවති පාපන්දු තරඟයකදී රසිකයින් අතර ඇති වූ ගැටුමකින් 100 දෙනෙක් පමණ මියගොස් ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කර තිබේ.
ඇන්සරිකෝ හි රෝහල්වල මෘත ශරීරාගාර එම මෘත ශරීරවලින් පිරී ඇති බව ද මෙම ගැටුමෙන් තවත් විශාල පිරිසක් තුවාල ලබා ඇති අතර, එම සංඛ්‍යාව ගණන් බලා නොමැති බවද විදෙස් මාධ්‍ය පවසයි. කෙසේ වෙතත් මෙම මරණ සංඛ්‍යාව තවත් ඉහළ යා හැකි බවද සඳහන් වේ.
විදෙස් වාර්තා වැඩිදුරටත් සඳහන් කරන්නේ මෙම තරගය 2021 වසරේ දී කුමන්ත්රණයකින් බලය අල්ලාගෙන ජනාධිපති ලෙස පත් කර ගත් ගිනියාවේ ජුන්ටා නායක මාමාඩි ඩොම්බුයා වෙනුවෙන් සංවිධානය කළ තරගයක් බවත් පාපන්දු තරගයේ විනිසුරුගේ තීරණයකින් පසු රසිකයින් පිටිය ආක්‍රමණය කිරීමත් සමඟ මෙම ගැටුම ආරම්භ වී තිබෙන බවත්ය.
#Alerte/N’zérékoré : La finale du tournoi doté du trophée « Général Mamadi Doumbouya » vire au dr.ame… pic.twitter.com/fjTvdxoe0v
— Guineeinfos.com (@guineeinfos_com) December 1, 2024