ජාතික ජනබලවේගය විසින් අත්හිටුවන බව සඳහන් කර සිටියේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් සඳහා ගෙවන විශ්‍රාම වැටුප මිස වැටුප නොවන බව අමාත්‍ය වසන්ත සමරසිංහ පවසයි.
වැටුප් යනු මන්ත්‍රීවරුන්ට හිමි දෙයක් බවත් අමාත්‍යවරයා පැවසීය.
වසන්ත සමරසිංහ මන්ත්‍රීවරයා මේ බව සඳහන් කර සිටියේ මාධ්‍ය හමුවකදී අදහස් දක්වමිනි .
ඒ අනුව ඉදිරියේදී එන පාර්ලිමේන්තු සැසි වාරයකදී විශ්‍රාම වැටුප් අහෝසි කිරීමේ පනත සම්මත කරගන්නා බවත් අමාත්‍යවරයා සඳහන් කළේය.
පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ට පාර්ලිමේන්තු සැසිවාර පැවැත්වෙන විට කොළඹ පැමිණි පසු නැවතීමට තැනක් අවශ්‍ය බවද සඳහන් කළ අමාත්‍යවරයා ඊට අදාළ මාදිවෙල නිවාස සංකීර්ණය අලුත් වැඩියා කරමින් තිබෙන බවද පැවසීය.