අද (30) මධ්‍යම රාත්‍රියේ සිට ක්‍රියාත්මක වන පරිදි ඉන්ධන මිල මිල සංශෝධනය සිදු කර ඇත.
මෙවර ඉන්ධන මිලෙහි දැනෙන වෙනසක් ඇතිවනු ඇති බවට විවිධ අදහස් පළවූවත්
ඔක්ටේන් 92 පෙට්‍රල් ලීටරයක් රුපියල් දෙකකින් පහළ දමා ඇති අතර එහි නව මිල 309.00කි.
ලංකා සුපර් ඩීසල් ලීටරයක් රුපියල් තුනකින් ඉහළ දමා තිබෙන අතරල එහි නව මිල රුපියල් 286කි.
එසේම භූමිතෙල් ලීටරයක මිල රුපියල් පහකින් ඉහළ දමා ඇති අතර එහි නව මිල 188.00කි.
සෙසු ඉන්ධන වර්ගවල මිල ගණන් වෙනසක් සිදුකර නොමැත.
ඛනිජ තෙල් සංස්ථාව මේ සම්බන්ධයෙන් නිකුත්කළ නිවේදනය පහත දැක්වෙයි.