Home අද සඟමිත් මහ තෙරණින් වහන්සේ වැඩමවීම සිහිකරමින් නාගානන්ද බෞද්ධ අධ්‍යයන ආයතනයෙන් මහපිංකමක්.

සඟමිත් මහ තෙරණින් වහන්සේ වැඩමවීම සිහිකරමින් නාගානන්ද බෞද්ධ අධ්‍යයන ආයතනයෙන් මහපිංකමක්.

58
0

 

මෙවර උඳුවප් පුර පසළොස්වක පොහොය 2024 දෙසැම්බර් 14 වන දිනට යෙදී ඇත. එදා දෙවන පෑතිස් රජ දවස (ක්‍රි.පූ. 250 – 210 අතර කාලයේදී) ධර්මාශෝක අධිරාජයාගේ දියණියවූ සංඝමිත්තා රහත් තෙරණිය විසින් විජය ශ්‍රී ජය ශ්‍රී මහා බෝධීන් වහන්සේ රැගෙන වැඩම කරවීම සහ හෙළ භික්ෂුනී ශාසනය පිහිටුවීමට පදනම සැකසීම නිසා එම පොහොය ශ්‍රී ලාංකිකයන් වන අප සියලු දෙනාට ඉතාවැදගත් දිනයකි.
එකී පොහොය දිනයේ සුවිශේෂී සිදුවීම් ස්මරණය කරමින් අප විශ්ව විද්‍යාලයේ උපකුලපති සාහිත්‍යශූරී ආචාර්ය බෝදාගම චන්දිම නාහිමිපාණන් වහන්සේගේ අනුශාසකත්වයෙන් භික්ෂුණීන් වහන්සේලා පන්දහසක් (5000) නමක් උදෙසා පරිෂ්කාර පූජාවක් සහ දහවල් දානමය පිංකමක් අද දින කැළණිය බොල්ලෑගල මානෙල්වත්තේ පිහිටි නාගානන්ද ජාත්‍යන්තර බෞද්ධ අධ්‍යයන ආයතන පරිශ්‍රයේදී පැවැත්විණි.

මහා විහාරවංශික ශ්‍රී ලංකා රාමඤ්ඤ මහා නිකායේ මහා නායක මකුලෑවේ ශ්‍රී විමල මහානායක ස්වාමීන්ද්‍රයන් වහන්සේ, අස්ගිරි පාර්ශවයේ අනුනායක පූජ්‍යපාද වෙඬරුවේ උපාලි මහා ස්වාමීන්ද්‍රයන් වහන්සේල කෝට්ටේ ශ්‍රී කල්‍යාණි සාමග්‍රී ධර්ම මහා සංඝ සභාවේ අනුනායක මහාචාර්ය කොටපිටියේ රාහුල මහා ස්වාමීන්ද්‍රයන් වහන්සේ වරප්‍රමුඛ සිව් දිගින් වැඩම කළ සුපේක්ෂල ශික්ෂාකාමී මහා සංඝරත්නය සහ බුද්ධ ශ්‍රාවිකාවන් වහන්සේලාගේ ප්‍රධානත්වයෙන් පැවති මේ මහා පුණ්‍ය කර්මයට ශ්‍රී ලංකා ප්‍රජාතන්ත්‍රවාදී සමාජවාදී ජනරජයේ පාර්ලිමේන්තුවේ ගරු කථානායක අශෝක සපුමල් රන්වල මැතිතුමා ප්‍රමුඛ සැදැහැවත් බෞද්ධ උවැසි උවැසියන් රැසක් සහභාගීවීම සුවිශේෂීවිය.

Previous articleවිදුලි ගාස්තු සංශෝධනයත් කයියක් විතරයි !
Next articleගෑස් මිල සංශෝධනයක් මෙතෙක් නෑ – ලාෆ් ගෑස් ප්‍රධාන විධායක නිලධාරී කියයි

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here