Home අද අයහපත් කාලගුණයෙන් වැඩි හානි උතුරු නැගෙනහිරට – අඩුපාඩුවකින් තොරව අවශ්‍යතා සපුරන්න ජනපතිගෙන්...

අයහපත් කාලගුණයෙන් වැඩි හානි උතුරු නැගෙනහිරට – අඩුපාඩුවකින් තොරව අවශ්‍යතා සපුරන්න ජනපතිගෙන් උපදෙස්

101
0

අයහපත් කාලගුණ තත්ත්වය හේතුවෙන් මෙවර වැඩිම හානියක් සිදුව ඇති උතුරු නැගෙනහිර පළාත්වල ක්‍රියාත්මක සහන වැඩසටහන් අධීක්ෂණය සඳහා ජනාධිපති අනුරු කුමාර දිසානායක මහතාගේ උපදෙස් පරිදි කමිටු දෙකක්ම පත්කරනු ලැබ ඇත.

ආණ්ඩුවේ ඇමතිවරු සහ රාජ්‍ය ආයතන ප්‍රධානීන් කීපදෙනකුගෙන් සමන්විත මෙම කමිටු සාමාජිකයන් මේ වන විට ජනතාව හමුවට ගොස් ආපදා සහන කටයුතු අධීක්ෂණය කරමින් සිටි.

උතුරු නැගෙනහිර ප්‍රදේශවල මේ වෙන විට ගංවතුර තත්ත්වය ක්‍රමයෙන් පහව යමින් තිබෙන බවත් කඳවුරු වල සහ වෙනත් ස්ථානවල තාවකාලිකව රඳවා සිටින ජනතාවට අවශ්‍ය කරන ආහාර ඇතුළු අනිකුත් සියලු සහන මේ වන විට සපයා දෙමින් සිටින බවත් අධීක්ෂණ කමිටු සාමාජිකයෙක් පැවසීය.

විපතට පත්ව සිටින ජනතාවට කිසිදු අඩුපාඩුවකින් තොරව ඔවුන්ට අවශ්‍ය කටයුතු සඳහා අවශ්‍ය පරිදි මුදල් වෙන් කරන ලෙස ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා මුදල් අමාත්‍යාංශයේ නිලධාරීන්ට උපදෙස් ලබාදී තිබේ.

මේ අනුව විපතට පත්ව සිටින ජනතාව වෙනුවෙන් අවශ්‍ය කටයුතු සියල්ල මේ වන විට ඉටු කරමින් සිටින බව ආපදා සහන කටයුතු අධීක්ෂණ කමිටු සාමාජිකයා වැඩිදුරටත් සඳහන් කළේය.

Previous articleමන්ත්‍රී විශ්‍රාම වැටුප කැපෙයි – සුඛෝපභෝගී වාහන විකිණීමට කැබිනට් අනුමැතිය ?
Next articleඋසස් පෙළ සංශෝධිත කාල සටහන මෙන්න

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here