Home අද මන්ත්‍රී විශ්‍රාම වැටුප කැපෙයි – සුඛෝපභෝගී වාහන විකිණීමට කැබිනට් අනුමැතිය ?

මන්ත්‍රී විශ්‍රාම වැටුප කැපෙයි – සුඛෝපභෝගී වාහන විකිණීමට කැබිනට් අනුමැතිය ?

39
0

වර්තමාන පාර්ලිමේන්තු මැති ඇමැතිවරුන්ගේ විශ්‍රාම වැටුප සහ තීරු බදු රහිත වාහන බලපත්‍රය අහෝසි කිරීමට රජයේ අවධානය යොමුවී ඇතැයි වාර්තා වේ.

එමෙන්ම දැනට අමාත්‍යාංශ සතුව ඇති සුඛෝපභෝගී වාහන 150ක් විකිණීම සඳහා කැබිනට් මණ්ඩල අනුමැතිය ලබා ගැනීමට කටයුතු කරගෙන යන බවද මන්ත්‍රීවරුන්ට V8 සහ මොන්ටෙරෝ වැනි සුඛෝපභෝගී වාහන ලබා නොදීමට ද රජය තීරණය කර ඇතැයි ද වාර්තා වේ.

මැති ඇමැතිවරුන්ගේ වැටුප් හා දීමනා සම්බන්ධයෙන් කරුණු සමාලෝචනයක් කර තීරණයක් ගන්නා බවත්, මන්ත්‍රීවරුන්ට ගිනි අවි සහ ගිනි අවි පුහුණුව ලබාදීම, මහජන නියෝජිතයන්ට නිවාස ලබාදීම සම්බන්ධයෙන් මෙතෙක් තීරණයක් ගෙන නොමැති බවද රජයේ ආරංචි මාර්ග අනුව වාර්තා වේ.

ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා විසින් මැති ඇමැතිවරුන්ගේ වරප්‍රසාද සමාලෝචනය කිරීම සඳහා විශේෂ කමිටුවක් පසුගියදා පත් කරනු ලැ‍බූ අතර එම කමිටුවේ නිර්දේශය ද සැලකිල්ලට ගෙන මැති ඇමැතිවරුන්ගේ වරප්‍රසාද තීරණය කෙරෙනු ඇති බවද දැනගන්නට ඇත.

Previous articleමන්ත්‍රීවරු කිහිපදෙනෙක් එකතුවෙලා එක නිවසක් පාවිච්චි කරනවා – නිවාස නියෝජ්‍ය ඇමති
Next articleඅයහපත් කාලගුණයෙන් වැඩි හානි උතුරු නැගෙනහිරට – අඩුපාඩුවකින් තොරව අවශ්‍යතා සපුරන්න ජනපතිගෙන් උපදෙස්

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here