Home අද අම්පාරේ ට්‍රැක්ටර් රියදුරුගේ මළ සිරුර හමුවෙද්දී අතුරුදන්ව සිටි රිය සහායක පොලීසියට

අම්පාරේ ට්‍රැක්ටර් රියදුරුගේ මළ සිරුර හමුවෙද්දී අතුරුදන්ව සිටි රිය සහායක පොලීසියට

12
0

අම්පාර කාර්තිව් ප්‍රදේශයේදී පසුගිය 26 වැනිදා පාසල් ළමුන් පිරිසක් රැගෙන යමින් සිටි ටැක්ටර් රථයක් සැඩ පහරට හසුව පෙරළී යාමෙන් අතුරුදහන් වූ එම ට්‍රැක්ටරයේ රියදුරු සහ ඔහුගේ සහායකගේ සිරුරු අද ( 29) දහවල් නාවික හමුදාව විසින් සොයාගෙන තිබේ.

අනතුරට පත්වන අවස්ථාව වන විට ට්‍රැක්ටර් රථයේ පාසල් ළමුන් එකොලොස් දෙනෙක් සහ රියදුරු සමග සහායකයින් දෙදෙනෙක් සිට ඇත.

ජල පහරට හසුවී හසු වී ට්‍රැක්ටරය පෙරළෙන අවස්ථාවේදී එම සිසුන්ගෙන් 05 දෙනෙක් ප්‍රදේශවාසීන් විසින් බේරාගෙන තිබෙන අතර ට්‍රැක්ටරයේ එක් සහායකයෙක් සිද්ධියත් සමග එම ස්ථානයෙන් පලා ගොස් සිට අද දහවල් පොලිසියට බාර වී ඇත.

සෙසු පාසල් දරුවන් හය දෙනා සහ එහි රියදුරු හා සහායක අතුරුදහන්ව දින කිහිපයක් සෝදිසි කිරීමෙන් පසු මේ වන විට සිසුන් හතර දෙනකුගේ සහ රියදුරු හා ඔහුගේ සහායකගේ සිරුරු සොයාගෙන තිබේ.

ට්‍රැක්ටර් රථයේ ගමන් ගත් සිසුන් දෙදෙනෙකු පිළිබඳව මෙතෙක් කිසිදු තොරතුරක් අනාවරණය වී නොමැත.

Previous articleපාර්ලිමේන්තු මන්ත්‍රී අර්චුනා අධිකරණයට භාරවෙයි

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here