Home අද පාර්ලිමේන්තු මන්ත්‍රී අර්චුනා අධිකරණයට භාරවෙයි

පාර්ලිමේන්තු මන්ත්‍රී අර්චුනා අධිකරණයට භාරවෙයි

181
0

2021 වර්ෂයේදී රිය අනතුරක් සිදුකොට පුද්ගලයකුට පහරදීමේ සිද්ධිය සම්බන්ධයෙන් අධිකරණය හමුවේ පෙනී නොසිටීම හේතුවෙන් වරෙන්තු නිකුත් කර තිබූ පාර්ලිමේන්තු මන්ත්‍රී රාමනාදන් අර්චුනා මහතාගේ වරෙන්තුව ආපසු කැඳවීමට කොළඹ මහෙස්ත්‍රාත් අධිකරණය අද (28) නියම කළේය.

ඒ, ඔහු නීතිඥවරයෙක් මාර්ගයෙන් කොළඹ මහෙස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත්වීමෙන් අනතුරුවයි. ඔහුව අත්අඩංගුවට ගන්නා ලෙස යාපනය ජ්‍යේෂ්ඨ පොලිස් අධිකාරී හරහා වරෙන්තු නිකුත් කිරීමට කොළඹ අතිරේක මහෙස්ත්‍රාත් මංජුල රත්නායක මහතා පසුගියදා (26) නියෝග කළේය.

පාර්ලිමේන්තු මන්ත්‍රීවරයා විසින් 2021 වර්ෂයේදී බේස්ලයින් පාරේ දී රිය අනතුරක් සිදුකර පුද්ගලයෙකුට පහරදිමේ සිද්ධියකට අදාළ නඩුව කැඳවු අවස්ථාවේදී එම නියෝගය නිකුත්කර තිබුණි.

Previous articleවාහන අංක තහඩු නිකුත්කිරීමේ අර්බුදය අවසන් – දෙසැම්බර් 15 ට පෙර අංක තහඩු ලබාගන්න
Next articleඅම්පාරේ ට්‍රැක්ටර් රියදුරුගේ මළ සිරුර හමුවෙද්දී අතුරුදන්ව සිටි රිය සහායක පොලීසියට

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here