Home අද කෙහෙළියගේ පව ගෙවන්න තවත් හිටපු ඇමතිවරුන් 3ක් CID ඇවිත් !

කෙහෙළියගේ පව ගෙවන්න තවත් හිටපු ඇමතිවරුන් 3ක් CID ඇවිත් !

42
0

හිටපු අමාත්‍යවරුන් වන ආචාර්‍ය බන්දුල ගුණවර්ධන, කාංචන විජේසේකර සහ නිමල් සිරිපාල ද සිල්වා අද (28) කොළඹ පිහිටි අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව වෙත පැමිණ ප්‍රකාශ ලබාදී ඇත.

ඒ ප්‍රමිතියෙන් තොර ප්‍රතිදේහ ඖෂධ ආනයනය කිරීමට සම්බන්ධව සිදුකෙරෙන විමර්ශනයට අදාල ප්‍රකාශ ලබාගැනීම වෙනුවෙන් වූ කැඳවීමක් අනුවය.

හිටපු සෞඛ්‍ය අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල ඉදිරිපත් කළ කැබිනට් සංදේශයක් හරහා මෙරටට ප්‍රමිතියෙන් තොර බාල ඖෂධ ගෙන්වීමත් එකී සිදුවීමට අදාලව එවක සිටි කැබිනට් මණ්ඩලයේ අමාත්‍යවරුන් සියලුදෙනාගෙන් ම ප්‍රකාශ ලබාගැනීමට අධිකරණය විසින් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට අවසර ලබාදී ඇත.

ඒ අනුව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ කැඳවීම අනුව මෙලෙස වරින් වර එම හිටපු අමාත්‍යවරුන් හට ඒ වෙත පැමිණීමට සිදුව තිබේ.

මෙහිදි මාධ්‍ය වෙත අදහස් දක්වමින් හිටපු අමාත්‍ය බන්දුල ගුණවර්ධන පවසා ඇත්තේ තමන් සිය සංසාර ගමනේ පළමු වරට CID වෙත පැමිණි බවයි.

Previous articleජනපති සහ ලෝක බැංකු සමූහයේ සභාපති අතර සාකච්ඡාවක්
Next articleවාහන අංක තහඩු නිකුත්කිරීමේ අර්බුදය අවසන් – දෙසැම්බර් 15 ට පෙර අංක තහඩු ලබාගන්න

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here