Home අද අධි අවධානම් කලාප සඳහා නායයෑම් රතු නිවේදන නිකුත් කෙරේ – ගංවතුර අනතුරු...

අධි අවධානම් කලාප සඳහා නායයෑම් රතු නිවේදන නිකුත් කෙරේ – ගංවතුර අනතුරු ඇඟවීම්ද නිකුත් කෙරේ

57
0

දිවයිනට බලපා ඇති අධික වැසි තත්ත්වයත් සමඟ ගතවූ පැය 24 තුළ මිලිමීටර් 250 ඉක්මවූ තද වැසි ඇදහැලීම හේතුවෙන් මහනුවර දිස්ත්‍රික්කයේ ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස 11ක ජනතාවට ආරක්ෂිත ස්ථානවලට යොමුවන ලෙස නායයාම් අනතුරු ඇඟවීම් රතු නිවේදන නිකුත් කර තිබේ.

මාතලේ දිස්ත්‍රික්කයේ ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස 09කට සහ නුවරඑළිය දිස්ත්‍රික්කයේ වලපනේ ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයට නායයෑම් රතු නිවේදන නිකුත් කෙරුණි.

ඒ අනුව ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානය පවසන්නේ වර්ෂාව තවදුරටත් පවතී නම් බෑවුම් කඩාවැටීම්, ගල් පෙරළීම්, පොළොව ගිලා බැසීම් සහ පස් කණ්ඩි කඩාවැටීම් අනතුරුවලින් වැළකීම සඳහා යුහුසුළුව ආරක්ෂිත ස්ථාන කරා යොමුවන ලෙසය.

මහනුවර දිස්ත්‍රික්කය – හාරිස්පත්තුව, මැදදුම්බර, ගඟවට කෝරළය, උඩුදුම්බර, දොළුව, යටිනුවර, උඩපළාත, පාතහේවාහැට, උඩුනුවර, පාතදුම්බර, දෙල්තොට

මාතලේ දිස්ත්‍රික්කය – උකුවෙල, යටවත්ත, රත්තොට, විල්ගමුව, අඹන්ගඟ කෝරළය, ලග්ගල, පල්ලේගම, පල්ලේපොළ, නාඋල, මාතලේ

නුවරඑළිය දිස්ත්‍රික්කය – වලපනේ

මේ සමඟම කැලණි ගංගා ද්‍රෝණිය සහ කලා ඔය ද්‍රෝණිය ආශ්‍රිතව ඉදිරි පැය 48 සඳහා ද ගංවතුර අනතුරු ඇඟවීම් නිකුත් කර තිබේ.

Previous articleටෙස්ට් ලෝක කුසලාන සිහිනය සමඟ ශ්‍රී ලංකාව අද දකුණු අප්‍රිකාව සමඟ පිටියට
Next articleඑක එළුවෙක් හදන්න ලක්ෂ 38ක් ගිය අරුම පුදුම අභිජනන මධ්‍යස්ථානය – විගණනයෙන් සියල්ල අනාවරණය වේ.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here