Home අද ඩෑන්ට සහ මහින්දට වැඩ වරදියි : අත්අඩංගුවට ගන්න නියෝග නිකුත්වෙයි !

ඩෑන්ට සහ මහින්දට වැඩ වරදියි : අත්අඩංගුවට ගන්න නියෝග නිකුත්වෙයි !

6
0

ගාලු මුවදොර අරගල භූමියට (ගෝඨා ගෝ ගම) පහරදුන් සිද්ධියේ නඩුවට අදාළව ඩෑන් ප්‍රියසාද්, මහින්ද කහඳගම ඇතුළු සැකකරුවන් තිදෙනෙකු අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කරන ලෙස කොටුව මහෙස්ත්‍රාත් තනුජා ලක්මාලි අද (27) වරෙන්තු නිකුත් කළාය.

එහිදී එම සිද්ධියට සැකකරුවන් ලෙස නම්කර සිටි හිටපු අමාත්‍ය ජොන්ස්ටන් ප්‍රනාන්දු ඇතුළු ඇප මත සිටින සැකකරුවන් සියලුදෙනා අධිකරණය හමුවේ පෙනී සිටි නමුත් මෙම සිදුවීමේ සැකකරුවන් ලෙස නම්කර සිටින ඩෑන් ප්‍රියසාද්, මහින්ද කහඳගම ඇතුළු තිදෙනෙක් අධිකරණය හමුවේ පෙනී සිට

එහිදී ඔවුන් වෙනුවෙන් පෙනී සිටි නීතීඥවරුන් අධිකරණය හමුවේ පවසා ඇත්තේ අදාළ සැකකරුවන් මේ වනවිට විදෙස්ගතව සිටින බවය.

ඒ අනුව, කොටුව මහෙස්ත්‍රාත් තනූජා ලක්මාලි විසින් ඩෑන් ප්‍රියසාද්, මහින්ද කහඳගම ඇතුළු සැකකරුවන් තිදෙනෙකු අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කරන ලෙස වරෙන්තු නිකුත් කළාය.

මෙහිදී අපරාධ පරීක්ෂණ දෙපාර්තුමේන්තුව අධිකරණයට වැඩිදුර වාර්තාවක් ඉදිරිපත් කරමින් කියා සිටියේ විමර්ශන අවසන් කර උද්ධෘත නීතිපතිවරයා වෙත යවා තිබෙන බවය.

ඒ අනුව, නීතිපති උපදෙස් සඳහා 2025 මාර්තු 26වන දින නඩුව නැවත කැඳවන ලෙස මහෙස්ත්‍රාත්වරිය නියෝග කළාය.

Previous articleහිටපු ජනපති රනිල් : FR පෙත්සමක වගඋත්තරකරුවකු වෙයි !
Next articleතවත් අමාත්‍යංශ 2ක් සඳහා නව ලේකම්වරුන් !

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here